නයිස් නලින්දගේ සිට Whip නලින්ද දක්වා

සෞඛ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා සමයේ දී පොදු ජනතාවට වෙත ආයාචනයක් කළාය. ‘බෙහෙත් ඖෂධ හා උපකරණ හිඟයක් තිබෙනවා. කරුණාකාර දානපතියන් අපේ රෝහල් පද්ධතියට උපකාර කරන්න. රෝගීන්ගේ…
සෞඛ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා සමයේ දී පොදු ජනතාවට වෙත ආයාචනයක් කළාය.
‘බෙහෙත් ඖෂධ හා උපකරණ හිඟයක් තිබෙනවා. කරුණාකාර දානපතියන් අපේ රෝහල් පද්ධතියට උපකාර කරන්න. රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කරන්නට පුරවැසියන්ට දායකත්වය දක්වන්නැයි ඇය කීවේ මහා භාණ්ඩාගාරයට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් නොමැති නිසාය. ගෑස් ඉන්ධන සඳහාවත් මුදල් නොමැති වූ නිසාය.
මේ ප්‍රකාශයට වෙඩි වගේ උත්තර දුන්නේ එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (Whip) ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. ‘අපිට එහෙම සල්ලි ප්‍රශ්නයක් නෑ. රෝහල්වලට ඇති තරම් මුදල් දෙනවා. බෙහෙත් තියෙනවා. කාගෙන්වත් ආධාර අවශ්‍ය නෑ. ජොනී කීවේය.
දැන්වීම
නමුත් ඒ වන විට රෝහල්වල තිබූ ඛෙදනීය තත්වය අප කාටත් රහසක් නොවේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු 2004 -2008 යුගයේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් අතර සිටි සුන්දරම ‘ආදරණීය චරිතයකි’. සුන්දර කොල්ලෙකි.
පළමුවරට කළුතරින් පාර්ලිමේන්තුවට පැමිනි නලින්ද ජයතිස්ස ද ‘නයිස් කොල්ලෙකි’. සුන්දර මනුස්සයෙකි -- උගත් දක්ෂ දේශපාලනඥයෙකු යැයි මිනිසුන් අතර පිළිගැනීමක් තිබුණී.
සෞඛ්‍ය ඇමති ලෙස නලින්ද ලංකාවේ ප්‍රමුඛතම රෝහල් ලේඩි රිජ්වේ, කාසල්, ද සොයිසා ඉතිහාසය නොදන්නවා විය නොහැකිය. ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයින් මැලිබන්, ඩීඑස්අයි, බැංකු, රක්ෂණ, එකී මෙකී නොකී සංවිධාන, සිංහ සමාජ ලංකාවේ සෞඛ්‍ය සේවයට කරන පරිත්‍යාග ගැන නොදන්නවා විය නොහැකිය. පරිත්‍යාග ලෙස ලැබෙන උපකරණ හා වෙනත් දේ ගැන ද දැනගත යුතුය. විශේෂඥ වෛද්‍ය ඒකක, මහාචාර්ය ඒකක දුසිමක අතීත කතාව නොදන්නවා විය නොහැකිය. රට පුරාම රෝහල්වල වාට්ටු නඩත්තු කිරීමේ වගකීම ගත් ලොකු කුඩා ආයතන, සංවිධාන ඇත. වෙනකක් තබා, රෝගීන්ට අවශ්‍ය තැඹිලි නොමිලේ සපයන ආයතන/පුද්ගලයින් ද ඇත.
‘විප් නලින්ද’ ට ‘විප් ජොන්ස්ටන්’ ට ද සෞඛ්‍ය ආධාර සම්බන්ධයෙන් ආවේශ වූයේ එකම යක්ෂයෙකි.
ජොලිගුඩ් ජොනී ගේ සිට නයිස් නලින්ද දක්වා දේශපාලනඥයින්ගේ පරිනාමයේ මාවත වැටී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (Whip) පුටුව හරහා නොවේද?
Whip ජොනී ට වූ අකරතැබ්බයක් ‘නයිස් නලින්ද’ ට සිදු නෙවේවා!