නදීමාල් සී.අයි.ඩි. භාරයට..!

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුතාවන නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා අද (27) ලංකාවට පැමිණිමෙන්…
මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුතාවන නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා අද (27) ලංකාවට පැමිණිමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරයි.
මෙම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ලංකාවේ වෙනත් චෝදනා ඇත්දැයි සොයා බලා කිසිදු චෝදනාවක් නොමැති වුවහොත් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.