දොස්තර රාජිත Confirm..රනිල්ට කොල බොක්කෙන්ම සහතිකයක්

"ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගමනය ආර්ථික ආශ්චර්යක්" "මම නොවෙයි කියන්නේ ඇමරිකාවේ සෙනට් සභාපති" IMF ඉතියෝපියාවට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගන්නා ලෙසයි රට අද තිබෙන තැන ගැන අප සතුටු විය…
"ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගමනය ආර්ථික ආශ්චර්යක්"
"මම නොවෙයි කියන්නේ ඇමරිකාවේ සෙනට් සභාපති"
IMF ඉතියෝපියාවට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගන්නා ලෙසයි
රට අද තිබෙන තැන ගැන අප සතුටු විය යුතුයි
මේ තරම් ඉක්මනට බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ඇමරිකානු සෙනට් සභාපති දැක නැහැලු
ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ආර්ථික ප්‍රගමනය ආර්ථික ආශ්චර්යක් බවත් අවුරුදු 30ක සිය දේශපාලන ජීවිතයේ දී ලෝකයේ කිසිම රටක මෙවැනි ආර්ථික ආශ්චර්යක් තමා දැක නොමැති බවත් ඇමරිකාවේ සෙනට් සභාවේ සභාපතිවරයා පවා කියන අතර ඒ අනුව අපේ රට මේ මොහොතේ තිබෙන තත්ත්වය ගැන ජාතියක් ලෙස අප සතුටු විය යුතු බවත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.
එපමණක් නොව බංකොලොත් භාවයට පත්ව සිටින ඉතියෝපියාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දී තිබෙන්නේ ආර්ථික බංකොලොත් භාවයෙන් අත්මිදීමට නම් ශ්‍රී ලංකාව අනුගනය කරන ලෙස යැයි පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා මේ කාරණය සම්බන්ධයෙන් මෙසේ ද කියා සිටියි.
"සරලා විසඳුම් නැහැ. ප්‍රශ්නය ඉතා සංකීර්ණයි. ඒ වගේම විසඳුම් ඉතා සංකීර්ණයි. ඒ විසඳුම් සුන්දර නැහැ. ජනප්‍රිය නැහැ. ලස්සන නැහැ. ඉතාම කටුකයි. කටෝරයි. මේ රට වැට්ටුවා. ළිඳට වැටුණා නම් ගොඩ ආ යුත්තේ ළිං කටෙන්ම තමයි. ඒ හැර විකල්පයක් නැහැ.
දැන්වීම
මේ මොහොතේ අපේ රට තිබෙන තත්ත්වය ගැන අප සතුටු විය යුතුයි.ඒ මන්ද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනය නොඑසේ නම් රටේ ආර්ථිකය ගොඩ ගත් වේගය ආර්ථික ආශ්චර්යක් බව ඇමරිකාවේ සෙනට් සභාවේ සභාපතිවරයා කියනවා. ඒ වගේම ඔහුගේ අවුරුදු 30ක දේශපාලන ජීවිතයේ දී ලෝකයේ කිසිම රටක මෙවැනි ආර්ථික ආශ්චර්යක් දැක නොමැති බව ද ඔහු කියනවා.
ඒ වුණාට අපි බනිනවා. ආර්ථිකයේ හතර මයිමවත් නොදන්නා සහ සාමාන්‍ය පෙළවත් සමත් නැති මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කයිවාරු ගහනවා. ඉතියෝපියාව බංකොලොත් වුණේ අපට පසුවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ රටට ආවා වගේම ඒ රටටත් ගියා. එහෙම ගිහින් IMF ආයතනය කිව්වේ කුමක්ද..? ඒ අය ඉතියෝපියාවට කිව්වේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න නම් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න කියායි.
මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු වෙලා. ආර්ථික වර්ධන වේගය වැඩි වෙලා. රටේ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 5500 දක්වා වැඩි කර තිබෙනවා. මේ වාසි සියල්ල රටටයි. පුද්ගලයෙකුට නොවෙයි. අපි පොඩ්ඩ-පොඩ්ඩ හරි කාලා-ඇඳලා ඉන්නේ ඒ නිසයි.
ඉදිරියේ දී උපයන විට ගෙවන බද්ද අඩු වනවා විදුලිය ගාස්තු 50%කින් අඩු වනවා. අද ගන්නා මේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාව රටක් ලෙස එදා සිට අනුගමනය කළ සාම්ප්‍රදායික ක්‍රියා මාර්ග නොවෙයි. හැබැයි ඒ සියල්ල දියුණු ලෝකයේ අප අත්දැක තිබෙන යථාර්තයන් බව කිව යුතුයි."