දොරින් දොරට කප්රුක වැඩසටහන ඇරඹේ

(හේමන්ත තුසිත කුමාර) පොල් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් “දොරින් දොරට කප්රුක” පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන සෙනසුරාදා (10)…
(හේමන්ත තුසිත කුමාර)
පොල් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් “දොරින් දොරට කප්රුක” පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන සෙනසුරාදා (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් දංකොටුව ප්‍රදේශයේ වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.
මේ ජාතික වැඩසටහන වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධාන කරයි.එහි සමාරම්භය සනිටුහන් කරමින් පළමු පොල් පැලය රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිතුමා සමග පොල් පැළ රෝපණයට එක්වූහ.