අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය අනතුරේ..!

ජී.එස්.පී.ප්ලස් බදු සහනය කොට උඩ..! මත්ස්‍ය තහනමත් යළි ක්‍රියාත්මක වන ලකුණු..! ජනවාරියේ ඩොලර් බිලියන 1.2 ණය වාරිකය ගෙවීම ප්‍රශ්නයක්..! ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස රටවල් 26ක් සිය රට වැසියන්ට…

ජී.එස්.පී.ප්ලස් බදු සහනය කොට උඩ..!

මත්ස්‍ය තහනමත් යළි ක්‍රියාත්මක වන ලකුණු..!

ජනවාරියේ ඩොලර් බිලියන 1.2 ණය වාරිකය ගෙවීම ප්‍රශ්නයක්..!

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස රටවල් 26ක් සිය රට වැසියන්ට දැනුම්දීලා..!

 දේශපාලන කුමන්ත්‍රණය මෙහෙය වන ඇමරිකානුවන් දෙදෙනකු ගැන පැමිණිලි..!

දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය අනතුරේ..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය හමුවේ   රටට ලබාදීමට තීරණය කර තිබූ ඊළඟ ණය වාරිකය දින නියමයක් නොමැතිව කල් දැමීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබූ  මූල්‍ය අර්බුදය විසඳා ගනිමින්  ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු  ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට තීරණය කරනු ලැබිණ.

ඒ අනුව මේ දක්වා වූ කාලය ඇතුළතදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට එම ණය මුදලින් ඇමරිකානු  ඩොලර් බිලියනකට වැඩි මුදලක් ලබා දී තිබූ අතර රටේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය හමුවේ එම ණය මුදලේ අවසන් වාරිකය ලබාදීමට අදාළව සාකච්ඡා කර තීරණයක් ගැනීම දින නියමයකින් තොරව කල් දැමීමට එම අරමුදල තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් පහ කර  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීම,ඒ සමගම පාර්ලිමේන්තුව වාර අවසාන කර,ඊට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව දුන්  අතුරු තහනම් නියෝගයට අනුව පාර්ලිමේන්තුව රැස් වුණාට පසුව එහිදී ඇතිවූ ක්‍රියාදාමය ඇතුළු කරුණු කාරණා මත ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ අරබුදය හමුවේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබා දෙනවා ද සහ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට යුරෝපා වෙළඳ පොළේ තව දුරටත් අවස්ථාව ලබා දෙනවා ද යන්න පිළිබඳව යුරෝපා කොමිසම මේ වන විටත් කරුණු විමර්ශනය කරමින් සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදු කෙරුණා යැයි කියන දේශපාලන කුමන්ත්‍රණයට හවුල් වූ බව කියන දේශපාලන නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද යුරෝපා කොමිසම තොරතුරු සහ සාක්කි සහිත  කරුණු රැස් කරමින් සිටින අතර මේ දේශපාලන කුමන්ත්‍රණයට හවුල් වූ බවට ඔප්පු වන ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන්ට සිය රටවලට ඇතුළුවීම තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගනු ඇතැයි විදේශීය තානාපති අංශ පෙන්වා දෙයි.

එමෙන්ම  ලෝකයේ ප්‍රධාන සහ දියුණු රටවල් 26ක් මේ “නොවැම්බර්-දෙසැම්බර්” සංචාරක කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සිය රට වැසියන්ට දැනුම් දී ඇති අතර සංචාරක ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය රටේ සංචාරක ව්‍යාපාරයට වගේම ජාතික ආර්ථිකයට මරු පහරක් වනු ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු මේ දේශපාලන කුමන්ත්‍රණය පිටු පස සිටින බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පැමිණිලි කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරමින් විශේෂ වාර්තාවක් සකස් කරමින් සිටියි.

මීට අමතරව ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන විදේශීය ණය වෙනුවෙන්  2019 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක අති විශාල  ණය වාරිකයක් ගෙවීමට තිබෙන අතර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ රටේ උද්ගත ව්ර්ර් තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ මේ තත්ත්වය විශාල ප්‍රශ්නයක් වනු ඇති බවය.

දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය අනතුරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය අනතුරේ..! | Lanka Newsweek