දේශපාලනයක් නොකළ රනිල්..!

රටත් ජනතාවත් ආර්ථිකයත් බේරා මාළිමාවත් දිනවූ රනිල් ට මෙහෙම වෙලා (කරලා) මදිය..? ජනපති පෞද්ගලික ගමනක් යනවිට ජනපතිකම ගලවා දමා යන ක්‍රමය මාළිමාව රටට කියා දිය යුතුය..? රට ගොඩ ගැනීම මිස දේශපාලනය නොදත්…
රටත් ජනතාවත් ආර්ථිකයත් බේරා මාළිමාවත් දිනවූ රනිල් ට මෙහෙම වෙලා (කරලා) මදිය..?
ජනපති පෞද්ගලික ගමනක් යනවිට ජනපතිකම ගලවා දමා යන ක්‍රමය මාළිමාව රටට කියා දිය යුතුය..?
රට ගොඩ ගැනීම මිස දේශපාලනය නොදත් රනිල්..?
රනිල් කජු සීයාම ද ෆීනික්ස් කුරුල්ලෙක් ද..?
(අශෝක ජයතුංග)
මාළිමාව ආවේ හොරු අල්ලා නාස්තිය දුෂනය නැතිකොට මාස කිහිපයකින් රට ගොඩදාන්නටය. ඩොලර් බිලියන 42 ක ණයත් වහා ගෙවා දැමීමටය. එහෙත් ආණ්ඩුවට කයිවාරු මිසක රට හදන්නට තියා හොරු අල්ලන්නටවත් වැඩ පිළිවෙලක් තිබුණේ නැත.
හොරු ඇල්ලීම වෙනුවට කන්ටේනර් ලුනු ප්ලග් හාල් සහස්දනවි විදුලි ව්‍යාපෘතිය මගින් අසීමිතව වංගු ගසා ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එහෙත් රනිල් ඇතුලේය.ඒ ජවිපෙ කලින් චෝදනා කල මහබැංකුව හෝ බටලන්දට අදාළව නොවේ.ඇමෙරිකා ගොස් එන ගමනේ ලන්ඩනයේ බැස බිරිදගේ මහාචාර්ය සමිමාන උපාධි ලබා ගැනීමට යාම නිසාය.
රනිල් හෝ ඔිනෑම ජනපතිවරයෙකු නිළ ගමනක් මැද පෞද්ගලික ගමනක්ද යයි නම් එසේ යනවිට ජනපතිකම ගලවා දමා යාහැකි ක්‍රමයක් තිබේද. තිබේ නම් එ් ක්‍රමය රටට කියාදීම මාළිමාව කලයුතු වැඩකි.එසේ නම් ජනපති අනුරතම ජනපතිකම ගලවා දමා මහමැතිවරණයට, පළාත් ඡන්දයට හා මව බැලීමට යාමට රජයේ වාහන හා සිකුරටි අය පාවිච්චි කිරීම කෙතරම් නිවැරදිද යන්න ඔහු රටට පැහැදිලි කිරීම වටී.
දැන්වීම
රනිල් කොටුකර ඇත්තේතමන් ද සිදුකල වරදකට බව කියන අය එමටය. රටට පොරොන්දුවූ කිසිවක් කරගත නොහැකිව වෛරය පිරිමහන හා මාළිමා නඩය චූන් කරන්නක් මිස මෙය අනෙකක් නොවන බව බොහෝ දෙනාගේ විග්‍රහයය.
රනිල් රටට වැඩ කරන්නට මිසක දේශපාලනය දන්නා අයෙකු නොවේ ඔහු නැළවූ රාජපක්ෂලා සිරිසේනලා මෙන්ම අනුරලා ද කළේ උපරිම උදව්ගෙන පිහියෙන් ඇනීමය. 2015 -19 අතර ජවිපෙ නඩත්තු කළේ රනිල් හා මලික් ලා බව දන්නෝ දනිති. FCID කළේ ද කට්ටිය එකටය.
රනිල් මහපොළොව දන්නා මිනිහෙකු නොවේ. තෙතමනයක් සහිත මහින්ද මෙන් හිත උණුවී ලගම කෙනෙකුට වුවද උදව් කරන්නෙකු ද නොවේ. මාස 07 අය බුද්ධිමත්ය. ඉතා දැඩිය.රනිල් එවැන්නෙකි.එහෙත් ඔහු හොරෙකු නොවේ. කිසිදා රජයේ වැටුප් අරගෙන හෝ වාහන ගෙන විකුණා ගත්තේ නැත. ළමා නිවාස ගණනාවක් නඩත්තු කරන අයෙකු ද වේ.
රනිල් ඉතිහාසය පුරා රටට කල කී දේ බොහෝය. ගුරු විද්‍යාපීඨ තරුණ සේවා සභාව හා රටේ ස්ථාවර බවට අදාළ පනත් සිය ගණනක නිර්මාතෲය. ඒ සියල්ලට වඩා 2022 දී ගිණිගෙන අනාථවූ රට බේරා ගැනීම රනිල් කෙටි කලකින් කිරීම ප්‍රාතිහාර්යකි.තෙල් ගෑස් බෙහෙත් පොහොර දී පෝළිම් නැති කළේ 80% උද්ධමනය තනි ඉලක්කමට ගෙනාවේ ඩො මිලි 20 ක හිගන රට ඩො මිලි 6000 ට නැග්ගුවේ රනිල්ය. එදා මෙන්ම 2001 දීත් බංකොලොත් රට දෙවරක් බේරාගත් මිනිහා මෙන්ම ජනපති සටන තුන්කොන් කර මාළිමාව දිනවීමට පාර කැපූ රනිල්ට අනුර හා මාළිමාව ඔහොම සලකලා මදිය. ටට වැඩ කිරීම මිස දේශපාලනය නොදත් රනිල් ට මේකත් හොද පාඩමක්ය.ඔහු ෆීනික්ස් කුරුල්ලෙක් ද නිකම්ම කජු සීයා දැයි කීමට තවම කල් මදිය.