දේශද්‍රෝහී විපක්ෂය ආර්ථිකය ගැන බිල්ලො මවනවා

ආර්ථිකය ගොඩනැගීමේ පළමු අඩිතාලම යොදා ඉවරයි දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන්…
ආර්ථිකය ගොඩනැගීමේ පළමු අඩිතාලම යොදා ඉවරයි
දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටී රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වුණා තමයි. නමුත් එම යෝජනාව වලංගු වන්නේ අවුරුදු දහයකට පෙර තිබුණු තත්ත්වයකටයි. ස්වෛරී රටක් අප අපේ අනන්‍යතාවය රැක ගන්න කටයුතු කළ යුතුයි. ඒ අනුව අප කළ යුත්තේ එම යෝජනාව වැරදියි කියා ඔප්පු කර ජාත්‍යන්තරයේ සහය සහ විශ්වාසය දිනා ගැනීමයි.
දැන්වීම
රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය පළමු අඩිතාලම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොදා තිබෙනවා. රටේ සියලු ප්‍රශ්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද කියා සුද්දෝ අපට කියන්න අවශ්‍ය නැහැ. 2002 දී සහ 2015 දී අප වගකීම් භාර ගෙන ආර්ථිකය ගොඩනගා පෙන්නුවා.
දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි.