අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි

දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි

- විපක්ෂ නායක අවධාරණය කරයි - අප රට ඇතුළුව ලෝකයේ රටවල් 190කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග රැසක් ඇති බවත් ලෝකයේ එක් කොට්ඨාසයකට වියළි කාලගුණයත් තවත් පැත්තකට ගංවතුර තත්ත්වයන්…

 - විපක්ෂ නායක අවධාරණය කරයි - 

අප රට ඇතුළුව ලෝකයේ රටවල් 190කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග රැසක් ඇති බවත් ලෝකයේ එක් කොට්ඨාසයකට වියළි කාලගුණයත් තවත් පැත්තකට ගංවතුර තත්ත්වයන් ද සුළි කුණාටුද ඇති වන බවත් ලැව් ගිණි ඇවිලීම නිසා එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් ගණනාවක් ගැටලු රැසකට මුහුණ දෙන බවත් මේ සම්බන්ධයෙන් එක් එක් අයට විවිධ පුරෝකථන කළ හැකි මුත් මේ දේශගුණික විපර්යාස අන්තවාදී ලෙස ලෝකයේ බොහෝ රටවලට බලපෑම් එල්ල කරන බවත් විපක්ෂ නායකව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පරිසරයට, ආර්ථිකයට ආහාර හා ජල සුරක්ෂිතභාවයට, ජීවනෝපයට, පරිසරය වනජීවී හා වෘක්ෂලතා ආදී ජෛව විවිධත්වයට බලපෑම් එල්ල කරන නිසා මෙය ජාතික ආරක්ෂක ගැටලුවක් වී ඇති බවත් ජාතික ආරක්ෂාව යනු හමුදා ආරක්ෂාව පමණක් නොව අන්තවාදී කාලගුණික දේශගුණික තත්ත්වයන් ද බරපතල විපර්යාස තුළ බරපතල අගතිගාමී බලපෑම් රැසක් බොහෝ රටවලට සිදුවන බවත් මේ නිසා පරිසරයට සේම ජන ජිවිතයට අගතිගාමී හා සෘණාත්මක බලපෑම් සිදුවිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වූ අවස්ථාවේ දී වන අතර එහි සම සභාපති ධුරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සේම මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ද කටයුතු කරනු ලබයි.

දැන්වීම

භාණ්ඩ හා සේවා පිරිවැය, මූල්‍ය පිරිවැය, ජල අවශ්‍යතාව, ජල සැපයුම ගැන ප්‍රශ්න ආදිය මතුවන නිසා මෙය ජාතික වගකීමක් බවත් රජයට පමණක් මෙහි වගකීම බාර දී සිටිය නොහැකි බවත් ලක්ෂ 220ම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකට එකතු විය යුතු අවස්ථාවක් බවත් රජයට රජයේ වගකීමත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ වගකීමත් ඇති සේම සිවිල් පුරවැසියන්ට ද වගකීම් ඇති නිසා ඒ ඒ වගකීම් හඳුනා ගෙන කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

පරිසරය සම්බන්ධ දැනුම ගමට ගෙන යන්න පරිසර සමාජ ගොඩනගමු

අවිනිශ්චිතතාවක් තුළ පුර්ව සූදානමක් වන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙය දැවැන්ත අභියෝගයක් බවත් ඊට අමතරව වගවීම සහ වගකීම යන සංකල්පය ද මෙයට අදාළ බවත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය යනු විධායක බලතල ඇති කමිටුවක් නොවුවත් රජයට යෝජනා රැසක් ඉදිරිපත් කරන බවත් ඉදිරියේ දී පරිසර දැනුම ගමට ගෙන යන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පරිසර සමාජ ගොඩනගා පරිසරය හා සතා සිව්පාව සම්බන්ධ දැනුවත්භාවය වැඩි කළ හැකි බවත් විපක්ෂ නායකරයා පැවසීය.

පෙරහැර සංස්කෘතියත් අලි පරපුරත් සුරක්ෂා වන වැඩ පිළිවෙළක් කරා යොමු වෙමු

අලි පරපුර ද පෙරහැර සංස්කෘතිය ද මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්නට අලි සංචිතය වර්ධනය කර ගන්න කටයුතු කළ යුතු බවත් පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් වෙනම අලි සංචිතයක් සකස් කර ගත යුතු බවත් එහි දී කැලෑ අලි ඇල්ලීම නොව දැනට සිටින හීලෑ අලි ඇත්තු තුළින් පැටව් බෝ කර ගැනීමේ ක්‍රියාවලියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න