දෙකෝටි විසි ලක්ෂයෙන් එක් කෝටි විසි ලක්ෂයකට වඩා අනාථ වෙලා

දුපත්කම 25%කින් වැඩි වෙලා පුද්ගලයින් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ ජනතාවගේ අනාථ වීම ප්‍රතිශතයක් ලෙස 55.7% ක් ග්‍රාමීය ප්‍රදේශවල එහි අගය 82% ක් වැඩිම අවදානම පුත්තලමට-එහි අගය 71.8% ක්…
දුපත්කම 25%කින් වැඩි වෙලා
පුද්ගලයින් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ
ජනතාවගේ අනාථ වීම ප්‍රතිශතයක් ලෙස 55.7% ක්
ග්‍රාමීය ප්‍රදේශවල එහි අගය 82% ක්
වැඩිම අවදානම පුත්තලමට-එහි අගය 71.8% ක්
රට ඉවරයි-ජනතාව අනාථයි
දෙකෝටි විසි ලක්ෂයකට අධික ශ්‍රී ලාංකීය ජන ගහනයෙන් එක්කෝටි විසි ලක්ෂයකට අධික පිරිසක් අතිශය අවදානම් ආර්ථික මට්ටමක පසු වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන නිකුත් කර ඇති බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් දස දෙනකුගෙන් හය දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසු වන අතර ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස 55.7% ක් වන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ග්‍රාමීය ප්‍රදේශවල මෙම අගය 82% ක් තරම් ඉහළ තත්ත්වයක පවතින බව ද, පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර පුත්තලමේ අවදානමට ලක් වූ ජනතාවගේ ප්‍රතිශතය 71.8% ක් වන බව ද සඳහන් වේ.
දැන්වීම
ශ්‍රී ලංකාවේ මෙම භයානක තත්ත්වය වර්ධනය වී ඇත්තේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 Covid-19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය සහ ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කිරීම ඇතුළු හේතුවෙන් මත බව ද එම වාර්තාවේ.
මේ අතර උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති අතර 5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.