දුක-කඳුළ වේදනාව-වෙනුවට සතුට රජ කර වන නව වසරක් උදෙසා පෙළ ගැසෙමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර…
දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එවැනි අවස්ථාවල පටු මතවාදවල එල්ලී සිටීම නොකළ යුතු බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනවා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1