අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිස්ත්‍රික්ක 04කට නාය අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක 04කට නාය අනතුරු ඇගවීම්

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක මීට…

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 
 ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක මීට අයත් වේ. 
 එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසිම සිදුවිය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.
 එමෙන්ම, පහළ වායුගෝලයේ කැළඹිලි සහගත තත්වය දිවයින ආසන්නයේ පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිස්ත්‍රික්ක 04කට නාය අනතුරු ඇගවීම් | Lanka Newsweek