අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දින 4ට ඝාතන 8ක් සිදු වෙලා..!

දින 4ට ඝාතන 8ක් සිදු වෙලා..!

ජාතික ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරනු බුද්ධි තොරතුරු ලැබී තිබියදී මීට වැඩිය විදිමත් වැඩ පිළිවෙලක් යෙදවිය යුතුයි විපක්ෂ නායක වරයා අවධාරණය කරයි පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව…

ජාතික ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරනු

 බුද්ධි තොරතුරු ලැබී තිබියදී මීට වැඩිය විදිමත් වැඩ පිළිවෙලක් යෙදවිය යුතුයි 

 විපක්ෂ නායක වරයා අවධාරණය කරයි

පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව ඇති බවත් එය ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක් වුවත් ජනාධිපතිවරයා එය ගැටලුවක් නොවන බවට සදහන් කර ඇති බවත් පාතාල කල්ලි අතර සිදුවන මෙම ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා අධිකරණයේ සිදුවූ මිලේඡ්ච මිනිමැරුම සිදුවන විට එයට සම්බන්ධ කාන්තාවගේ වර්ණ ඡායාරූපයන් ඇතුළුත් බුද්ධි අංශ වාර්තාව මාධ්‍ය වාර්තා කළ බවත් මෙය බරපතල ගැටලුවක් බවත් ජාතික ආරක්ෂාව ගැන තොරතුරු ලැබී තිබියදී මෙවැනි ආරක්ෂක බිදවැටීමක් ගැන පැහැදිලි විස්තරයක් සිදු කරන ලෙසත් මිලේච්ඡ මිනිමරුවන්ගේ මේ ක්‍රියාදාම දැඩි ගැටලුවක් බැවින් බුද්ධි තොරතුරු ලැබුණු පසු මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳුදා (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දින 4ට ඝාතන 8ක් සිදු වෙලා..! | Lanka Newsweek