අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ වරදකරුවන් වෙයි

දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ වරදකරුවන් වෙයි

(නිලන්ති චන්ද්‍රසේන) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක්…

(නිලන්ති චන්ද්‍රසේන)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට  ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා සහ  බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙන්  එම තහනම පනවා තිබේ.

පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ තරඟය ආරම්භ කිරීම සඳහා  පැය 2 කින් පමණ ප්‍රමාදවීම හේතුවෙන් මෙම තිදෙනාට චෝදනා එල්ල විය. ‍ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කලමනාකරු අසංක ගුරුසිංහගෙන් මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු ක‍ළේ ය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩුබායිහී පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය හා එංගලන්තයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලය යන ස්ථාන තුන සම්බන්ධ කරගනිමින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරුණු විමසමින් සිදු කළ අතර පසුව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය  මොවුන් තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට තීරණය කර ඇත.

ටුවිටර් පණිවිඩයක්  මගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මේ පිළිබඳව නිවේදනය කර තිබෙන අතර ඒ අනුව අද (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න