අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

දිට්වා නිසා අවතැන් ජනතාවට වෙන් කළ මුදල් නිසි පරිදි ජනතාව අතරට ගිහින් නැහැ

- විපක්ෂ නායක හෙළි කරයි -

සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුව රැස්වී රු. බි. 500කට වැඩි ප්‍රමාණයක් දිට්වා කුණාටුවෙන් විපතට පත් ජනතාවට සේම යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ගත් නමුත් මේ මුදල් ජනතාව අතරට ගෙන යාමේ දී මූල්‍ය හා භෞතික ප්‍රගතිය දුර්වල මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

දැන්වීම

සහන ලබා දීමේ ප්‍රගතිය 50%, 25% ආදී අඩු ප්‍රතිශත ඇති බවත් විදේශ ආයෝජනවලින් ලැබුණු ආධාර ලෙස ද ලැබි ඇත්තේ අඩු ප්‍රමාණයක් නිසා එයට රජය හේතු ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගෝලීය දේශගුණික කාලගුණික විපර්යාසවලට නොසිතූ ලෙස මුහුණ දෙන්න ඇති නිසා දැනට ඇති යාන්ත්‍රණය හා වැඩපිළිවෙළ අණපනත් ආදිය සියල්ල යල්පැනගොස් ඇති නිසා මේ විවිධ විපර්යාසයන් හා ව්‍යවසනයන්ට මුහුණ දීමට ආපදා කළමනාකරණය සඳහා නව පනතක් සේම ව්‍යුහයක් අවශ්‍ය බවත් ව්‍යවසනයක් සිදුවූ පසු ප්‍රතිචාර දක්වනවාට වඩා ඊට පෙර බලපැම් අවම කිරීමේ නව ව්‍යුහයකට අණපනත්වලට යාමට රජයේ සූදානම දැන ගැනීමට කැමති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිට්වා නිසා අවතැන් ජනතාවට වෙන් කළ මුදල් නිසි පරිදි ජනතාව අතරට ගිහින් නැහැ | Lanka Newsweek