අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ද්විත්ව පුරවැසියන් දස දෙනෙකුට මන්ත්‍රී ධූර අහිමි වෙයි..?

ද්විත්ව පුරවැසියන් දස දෙනෙකුට මන්ත්‍රී ධූර අහිමි වෙයි..?

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට සිය මන්ත්‍රී ධූර දැරීමේ අවස්ථාව අහිමි වනු ඇත. එම මන්ත්‍රීවරුන්ට මෙසේ සිය මන්ත්‍රී…

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට සිය මන්ත්‍රී ධූර දැරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

එම මන්ත්‍රීවරුන්ට මෙසේ සිය මන්ත්‍රී ධූර අහිමි වන්නේ යමෙකු ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලැබෙන තීන්දුවට අනුව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිටින අතර එවැනි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හැරෙන්නට එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න තමා හරිහැටි නොදන්නා බවද විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික ස්වරූපයේ වෙනසක් නොමැතිව සංශෝධන සහිතව සම්මත වීම පිළිබඳ තමා  සතුටු වන අතර එසේ එම ව්‍යවස්ථාව සම්මත වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තැබුණු තීරණාත්මක පියවරක් වනු ඇති බව ද ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ද්විත්ව පුරවැසියන් දස දෙනෙකුට මන්ත්‍රී ධූර අහිමි වෙයි..? | Lanka Newsweek