අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

දශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද

දශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද

රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස මෙන්ම එදා මෙදා තුර ක්‍රීඩාවේ ශ්රේෂ්ඨතමයා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා…

රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස මෙන්ම එදා මෙදා තුර ක්‍රීඩාවේ ශ්රේෂ්ඨතමයා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට සෙනසුරාදා (13) ක්‍රීඩාකිරීමට නියමිතය.

මෙම තරගය මෙරට වේලාවෙන් ඉරිදා (14) අලුයම පැවැත්වේ. ඒ අනුව එම තරගයෙන් පසු ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත. ඔහුගේ අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන 'GUNTHER'ය. 

රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 වසරේ සිට  WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියි. ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව වේ.

අඩි 6යි අඟල් 1(185cm)ක් උස, කිලෝග්‍රෑම් 114ක් බර දැඩි දේහධාරී පෙනුමක් ඇති ජෝන් සීනා, මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද | Lanka Newsweek