දරුණු අපරධකරුවන් හමුදාවට බඳවා ගැනේ

ව්ලැදිමීර් පුටින්ගේ ආන්දෝලනාත්මක තීරණයක් දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා නව නීතියකට අත්සන් තබා තිබේ. මිනී මැරුම්, මංකොල්ල කෑම්,…
ව්ලැදිමීර් පුටින්ගේ ආන්දෝලනාත්මක තීරණයක්
දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා නව නීතියකට අත්සන් තබා තිබේ.
මිනී මැරුම්, මංකොල්ල කෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් සමාවක් ලැබ සිටින හෝ පරිවාස කාලයකට යටත්ව සිටින වැරදිකරුවන්ට මෙම නීතිය මගින් රුසියානු හමුදාවේ සේවය කිරීමට අවස්ථාව ලැබේ.
එසේම මීට පෙර රුසියානු හමුදාවට එක්වීමට අවස්ථාව නොතිබූ ප්‍රදේශවල සිටින සමාවක් ලැබූ වැරදිකරුවන්ටද මෙමගින් රුසියානු හමුදාවට බැඳීමට අවසර හිමිව ඇත.
බාලවයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ, රාජද්‍රෝහීත්වය, ඔත්තු බැලීම හෝ ත්‍රස්තවාදය, රජයේ නිලධාරියෙකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගුවන් යානයක් පැහැර ගැනීම, අන්තවාදී ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස හැසිරවීම යන වරදවල් සිදු කළ වැරදිකරුවන්ට මෙම නීතිය යටතේ රුසියානු හමුදාවට බැඳීමට අවස්ථාවක් හිමි නොවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.