අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දඹුල්ලේ මාරාන්තික රිය අනතුරකින් සිව් දෙනකු මරුට..!

දඹුල්ලේ මාරාන්තික රිය අනතුරකින් සිව් දෙනකු මරුට..!

කුරුණෑගල-දඹුළු මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02) උදැසන සිදු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. ත්‍රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර…

කුරුණෑගල-දඹුළු මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02) උදැසන  සිදු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

ත්‍රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මේ  අනතුර සිදුව ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනකු, ගැහැනු දරුවෙකු සහ කාන්තාවක් එතනම  මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහත පවසයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට ලක්වූ පුද්ගලයින් කිනම්  ප්‍රදේශයක පදිංචිකරුවන් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දඹුල්ලේ මාරාන්තික රිය අනතුරකින් සිව් දෙනකු මරුට..! | Lanka Newsweek