දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත්…
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව කොළඹ ජානකී හෝටලයේ දී පැවති විශේෂ ජනමාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාඅ මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් මත මෙම තීරණය ගත අතර මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර් සහ එම්. උදයකුමාර් ඇතුළු පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් එක්ව සිටියහ.