අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ මීළඟ අපේක්ෂකයා විය යුත්තේ සජිත් පමණයි - රනිල්ගේ උපදේශක ආශු මාරසිංහ කියයි

දකුණේ මීළඟ අපේක්ෂකයා විය යුත්තේ සජිත් පමණයි - රනිල්ගේ උපදේශක ආශු මාරසිංහ කියයි

විපක්ෂයේ වැඩිම බලය සජිත්ට..! සජිත් කියන්නේ අවංක නායකයෙක් (අචින්ත මධුර) මීළඟ ජනාධිපතිවරණයේදී දකුණු කඳවුරේ අපේක්ෂකයා විය යුත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පමණක්ම බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා…

විපක්ෂයේ වැඩිම බලය සජිත්ට..!

සජිත් කියන්නේ අවංක නායකයෙක් 

(අචින්ත මධුර)

මීළඟ ජනාධිපතිවරණයේදී දකුණු කඳවුරේ අපේක්ෂකයා විය යුත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පමණක්ම බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකුද වන ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳුදා (24) ප්‍රකාශ කළේ මේ වන විට විපක්ෂයේ ජනප්‍රියම පුද්ගලය සජබ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව තමන් පිළිගන්න බවයි. 

විපක්ෂයේ වැඩිම බලය ඇත්තේ සජබයට බව පෙන්වා දුන් මාරසිංහ මහතා එජාපයද පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත දමා පක්ෂ දෙක එකතු කිරීමට කටයුතු කළ  යුතු බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම පක්ෂ දෙක එකතු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම වගකීම ගැනීම විපක්ෂ නායකවරයා සතු එම විශිෂ්ට දේශපාලන මෙන්ම නායකත්ව ගුණාංගයද පිළිබිඹු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න