අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ පොලිස් පොඩ්ඩෙක් පොලිස්පතිගේ අණ නොතකා වැඩ..!

පොලිස් ලොක්කන්ට එරෙහිව පොලිස් පොඩ්ඩන් පෙරට

(ජයකාන්ත ලියනගේ) පොලිස්පතිවරයා විසින් මාතර කොට්ඨාශයේ සිට යාපනය කොට්ටාශය වෙත වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කියන උප පොලිස් පරික්ෂකවරයකු එම නියෝගය නොසලකා හරිමින් තවදුරටත් මාතර…

(ජයකාන්ත ලියනගේ)

පොලිස්පතිවරයා විසින් මාතර කොට්ඨාශයේ සිට යාපනය කොට්ටාශය වෙත වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කියන උප පොලිස් පරික්ෂකවරයකු එම නියෝගය නොසලකා හරිමින් තවදුරටත් මාතර කොට්ඨාශයේ ම සේවය කරන බව දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට  සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝග මත පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ වැඩ බලන අධ්‍යක්ෂක පොලිස් අධිකාරි පණ්ඩුල විරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම උප පොලිස් පරික්ෂකවරයාට අදාළ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ 2018 පෙබරවාරි 24 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරී සදහාය.

දැන්වීම

ඒ වෙනුවෙන් කිසිදු අනු ප‍්‍රාප්තිකයකු හෝ සම්බන්ධ නොකර වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇත්තේ එම නිලධාරියාගේ  අයහපත් සේවා වාර්ථා මතය.

මෙම උප පොලිස් පරික්ෂකවරයා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුරේ රැදී සිටිමින් වංචා, දුෂණ,රාජ්‍ය දේපල සහ මුදල් අවභාවිතයන් සිදු කළ බවට   චෝදනා ලබා සිටින අයෙකි.

 ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබි ඇති පැමිණිලි මත කරන ලද පරික්ෂණවලින් අනතුරුව මෙම ස්ථාන මාරුව ලබා දී තිබෙන බවද දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ කරති.

පොලිස් චක‍්‍රලේඛන අනුව යම් නිලධාරියෙකුට ස්ථාන මාරුවීම් ලිපියක් ලැබී දින 03 ක් ඇතුළත නව සේවා ස්ථානයට වාර්ථා කළ යුතුව තිබෙන නමුත්   මෙම නිලධාරිය කිසිදු වෛද්‍ය වාර්තාවක් හෝ පෞද්ගලික හේතුවක් හෝ ඉදිරිපත් නොකර පෙබරවාරි 24 දින සිට මේ දක්වාම සේවයට වාර්ථා නොකර එම ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දරන බව මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේය.

මෙම නිලධාරිවරයා පොලිස්පති නියෝග පවා නොතකා කටයුතු කරන්නේ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව බවද දැන ගන්නට තිබේ. ඔහු ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කිරිමට ස්ථාන මාරුවක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න