දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස කරූ පිදුම් ලබයි

දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයාට හිමි ඉහළම ගෞරව සම්මානය හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට හිමි වී තිබේ. දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත…
දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයාට හිමි ඉහළම ගෞරව සම්මානය හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට හිමි වී තිබේ.
දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත ජාත්‍යන්තරය මෙම ගෞරව සම්මානය පුද කර තිබෙන්නේ, එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය යටතේ, යුගයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතා නායක ධූරය දරමින් සිදු කරනු ලැබූ අති විශිෂ්ට සේවාව නිසි ලෙස අගයමින්ය.
ඊට අමතරව "සන්ෆෝ ග්ලෝබල් ෆෙඩරේෂන්" හි ගෞරවනීය අනුශාසක ලෙස කටයුතු කරමින් ජනතාවට සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර දීම සඳහා කැපවූ නිර්භීත ජනතා නායකයා ලෙස දේශබන්දු කරු ජයසූරිය මහතා පිළි ගෙන තිබෙන ජාත්‍යන්තරය මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය සඳහා ඔහුගේ එම භූමිකාව ද හේතු පාඨයක් කර ගෙන තිබේ.
දැන්වීම
දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයාට හිමි මෙම ඉහළම ගෞරව සම්මානය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත ජාත්‍යන්තරය ගෞරවාන්විතව පිරිනමනු ලැබුවේ 2022 මැයි 08 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදීය.
