දකුණු අප්‍රිකානු සමාගමක් එක්ක හොර තෙල් ගිවිසුමක් ගහලා

හොර ගිවිසුම නිසා ඉදිරියේ දී විදුලි බිල ඉහළට ඉන්ධවලට අදාළව ආණ්ඩුව දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති අතර ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී විදුලි බිල විශාල…
හොර ගිවිසුම නිසා ඉදිරියේ දී විදුලි බිල ඉහළට
ඉන්ධවලට අදාළව ආණ්ඩුව දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති අතර ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී විදුලි බිල විශාල ලෙස ඉහළ යනු ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර සිටියි.
මේ දූෂිත කොන්ත්‍රාත්තුව හරහා වෙළඳ පොළේ පවත්නා මිලට වඩා වැඩි මිලකට සහ රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් මිල දී ගැනීමය බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
ආණ්ඩුවට අධික බලයක් ලබා දීමේ ආදීනව ජනතාවට අත්විඳින්නට සිදුව තිබීම කණගාටුදායක යැයි ද, හිතක් පපුවක් නැති පාලනයකින් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි දූෂණ, වංචා සහ අක්‍රමිකතා පමණක් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බලය ඇතත් නැතත් වැඩ කිරීමේ සම්ප්‍රදාය සමගි ජන බලවේගය රට හඳුන්වා දෙමින් අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ බව ද, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සිය සත්කාරමය මෙහෙවර අඛණ්ඩවම සිදු කරන බව ද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා නූතන ලෝකයේ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා රටේ දූ දරු පරපුර තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කර ගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද, සුපරිපූර්ණ කරමින් ඒ හරහා ලොව දිනන, නූතනවාදී දූ දරු පරපුරක් බිහි කිරීම සිය අරමුණ බව ද වැඩි දුරටත් කියා සිටියි.