අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

තොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

තොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත් බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර…

තොරතුරු පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත් බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වන අතර එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතට අවශ්‍යව ඇත්තේ සංශෝධන නොවන බව ය. සැබෑ අවශ්‍යතාවය වන්නේ මේ වන විටත් තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ය.

වාර්තා වන ආකාරයට මේ වන විට තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවයන් අතර සම්පත් හිඟය සහ තනතුරු ගණනාවක්ම පුරප්පාඩු වී පැවැතීම ප්‍රමුඛ වේ. එමෙන්ම මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති කරුණු පිළිබඳව රජයේ ඇතැම් අංශ විසින් තොරතුරු ලබා නොදීම මඟින් තොරතුරු කොමිසම අවතක්සේරු කරන සිදුවීම් වාර්තා වීම ද කිසිසේත්ම යහපත් නොවේ. දූෂණ විරෝධි ක්‍රියාවලිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය මඟින් ලැබෙන සහාය රජය අගය කල යුතුය. ඇත්ත වශයෙන්ම රජය අවධානය යොමුකල යුත්තේ එවැනි කරුණු පිළිබඳව ය. එම අවධානය නොපමාවම යොමුකරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න