අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිස්සගේ දියණියට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක්

තිස්සගේ දියණියට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක්

බන්දුලගේ සහ ප්‍රසන්නගේ දියණියන්ටත් විදේශ තානාපති සේවයේ ඉහළ තනතුරු දුමින්දගේ මල්ලිත් ඒ අතර සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ…

බන්දුලගේ සහ ප්‍රසන්නගේ දියණියන්ටත් විදේශ තානාපති සේවයේ ඉහළ තනතුරු 

දුමින්දගේ මල්ලිත් ඒ අතර  

සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත් කරනු ලැබ ඇති බව "lankacnews" වෙබ් අඩවිය වාර්තා කර සිටියි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනුමත කිරීමෙන් පසු විදේශ තාතාපති කාර්යාල සදහා වන පත් කිරීම් මත මෙම පත් කිරීම සිදු කර තිබෙන බව ද "lankacnews" සඳහන් කරයි.

ප‍්‍රධාන විපක්‍ෂයේ ජාතික සංවිධායක සහ ආණ්ඩුව අතර තිරය පිටු පස සම්බන්ධතාවයක් ඇති බවත්, තිස්ස අත්තනායක මහතා රාජපක්‍ෂවරුන්ගේ ඕනෑ එපාකම් මත සමගි ජන බලෙව්ගය විනාශ කරමින් සිටින බවට පසුගිය කාලයේ සමාජය පුරා සහ පාර්ලිෙම්න්තුෙව් ඇතැම් මන්තී‍්‍රන් අදහස් දක්වා තිබූ බව ද එම වෙබ් අඩවිය වැඩි දුරටත් පෙන්වා දෙයි.

දැන්වීම

මේ අතර "lankanewsweek" වෙත වාර්තා වන්නේ තිස්ස අත්තනායක මහතාගේ දියණියට අමතරව අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග මහතාගේ දියණිය ද, බන්දුල ගුණවර්ධන මහතාගේ දියණිය සහ දුමින්ද දිසානායක මහතාගේ බාල සොහොයුරා ද මෙසේ විදේශ තානාපති සේවයේ ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බවයි. 

තිස්සගේ දියණියට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක්

-මූලාශ්‍රය-

"lankacnews" 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තිස්සගේ දියණියට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක් | Lanka Newsweek