තිස්සගේ අලුත් පක්ෂයේ මහ ලේකම් ධූරය සුදත්ට..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තිස්ස-සුදත් සාකච්ඡා ඇරඹේ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට විකල්පව පිහිටුවීමට යන නව දේශපාලන පක්ෂය සමග එක් වන්න යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අග්‍රමාත්‍ය…
තිස්ස-සුදත් සාකච්ඡා ඇරඹේ..!
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයට විකල්පව පිහිටුවීමට යන නව දේශපාලන පක්ෂය සමග එක් වන්න යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අග්‍රමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතාට අරාධනා කර තිබේ.
තිස්ස අත්තනායක සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් අතර කොළඹ දී අඟහරුවාදා (31) රාත්‍රියේ පැවති විශේෂ හමුවකදී මේ ආරාධනය නිල වශයෙන් සිදු කෙරිණ.
නව දේශපාලන පක්ෂයේ අරමුණු,අනාගත ඉල්ලක්ක,දේශපාලන උපාය මාර්ග,වැඩ පිළිවෙළ සහ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර දෙපාර්ශවය එම කරුණු කාරණා සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට ද පැමිණ ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට,පාක්ෂිකයින්ට සහ දේශපාලකයින්ට අත්ව තිබෙන ඉරණම සහ ඊට එරෙහිව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1