අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේපයි

තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේපයි

ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේප වී ඇත. ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් අයදුම් පත් භාර දුන් අතර අයදුම් පත්…

ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේප වී ඇත.

ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක්  අයදුම් පත් භාර දුන් අතර  අයදුම් පත් 6,39,515 ක් මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පිළිගෙන ඇති අතර ඉතිරි අයදුම් පත් ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ  හමුදාවෙහි  සේවය කරන  තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වනදා සහ ලබන මස 01 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි ය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ ලබන මස 04 වනදා ය. එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේපයි | Lanka Newsweek