අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය

තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය

තායිලන්තයේ අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ ධුරකාලය කල් ඉකුත් වී ඇති බවට එරට විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ නඩුවේ නීතිමය තත්ත්වය සලකා බලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැතිවරයාගේ නිල කාලය අත්හිටුවා ඇතැයි බීබීසී…

තායිලන්තයේ අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ ධුරකාලය කල් ඉකුත් වී ඇති බවට එරට විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ නඩුවේ නීතිමය තත්ත්වය සලකා බලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැතිවරයාගේ නිල කාලය අත්හිටුවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. වසර 2014දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් වූ හිටපු හමුදා නායකයකු වන 68 හැවිරිදි ප්‍රයුත්ගේ ධුර කාලය එරට ව්‍යවස්ථාවට අනුව වසර 8කට බලපැවැත්වෙන අතර, එය මේ මස 22 වැනිදා නිමාවට පත් විය.

වසර 2014දී අගමැති පදවියට පත් වීමෙන් පසු නැවත 2019 දී වංචනික ලෙස හා දැඩි නීතිරීති පනවමින් මහමැතිවරණය පවත්වා ඇති බව කියන තායිලන්ත අගමැතිවරයා නැවත තනතුර රැකගැනීමට සමත් විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය | Lanka Newsweek