අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ කල් ඇතිවම බලධාරීන් දැනුම්වත් කරලා..!

කළු පාස්කුව..!

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් 207ක් මරුට-402ක් තුවාල ලබති..! ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ වැඩක්දැයි සැක ..! (සුජිත් මංගල ද සිල්වා) ක්‍රිස්තියානි සහ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ කොළඹ තරු පහ හෝටල්…

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් 207ක් මරුට-402ක් තුවාල ලබති..!

ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ වැඩක්දැයි සැක ..!

(සුජිත් මංගල ද සිල්වා)

දැන්වීම

ක්‍රිස්තියානි සහ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ කොළඹ තරු පහ හෝටල් තුනක් ද ඉලක්ක කර ගනිමින් අද (21) උදැසන එල්ල කෙරුණු මුලධර්මවාදී, ත්‍රස්තවාදී සහ අන්තවාදී මාරාන්තික බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ අදාළ බලධාරීන්වෙ වෙත කල් ඇතිව අනතුරු අඟවා තිබේ.

"ජාතික තව්හින් ජමාන්" සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු කණඩායම් රටේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව කියමින් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් වාර්ථාවක් රජය බුද්ධි අංශ අදාළ බලධාරීන් වෙත යොමු කර, එම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්න යැයි දැනුම් දී තිබෙන්නේ 2019 අප්‍රේල් මස 11 වෙනි දිනය.

ජාත්‍යන්තර ISIS මුස්ලිම් මුලධර්මවාදී සංවිධානයට සම්බන්ධ බව කියන පිරිසක් මේ ප්‍රහාරය එල්ල කළේ දැයි ආරක්ෂක අංශ සැක පළ කරන අතර මේ ප්‍රහාරයෙන්මේ වන විට 207ක් මිය ගොස් 402ක් බරපතළ තුවාල ලබා සිටිති.

කතෝලිකයෙකු නවසීලන්තයේ "Christchurch" හි මුස්ලිම් බැතිමතුන්ට පසුගිය දා වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සහ කතෝලික බැතිමතුන්ගෙන් පළි ගැනීමේ අරමුණින් මේ ප්‍රහාරය එල්ල කළේ දැයි යන සැකය ද ආරක්ෂක අනාශ මතු කර සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ඉතා ඉක්මනින් ඉදිරියේදී "lankanewsweek" හෙළි කිරීමට කටයුතු යොදා තිබෙන අතර රාජ්‍ය බුද්ධි අංශ මඟින් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කල් ඇතිව බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාවෙන් කොටසක් මෙසේය.

ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ කල් ඇතිවම බලධාරීන් දැනුම්වත් කරලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ කල් ඇතිවම බලධාරීන් දැනුම්වත් කරලා..! | Lanka Newsweek