තහනම ඉවත් කර මාස හයයි-කෘෂි රසායන තවම නැහැ

කෘෂි බලධාරීන් මහ බැංකුවෙන් සල්ලි ඉල්ලලාවත් නෑ වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකියි අස්වැන්න රැක ගන්න කෘෂි රසායන ආයනයට ඩොලර් නිකුත් කරනු (රජිත් කීර්ති තෙන්නකෝන්) මීට මාස හතකට පෙර, 2021…
කෘෂි බලධාරීන් මහ බැංකුවෙන් සල්ලි ඉල්ලලාවත් නෑ
වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකියි
අස්වැන්න රැක ගන්න කෘෂි රසායන ආයනයට ඩොලර් නිකුත් කරනු
(රජිත් කීර්ති තෙන්නකෝන්)
මීට මාස හතකට පෙර, 2021 නොවැම්බර් මාසයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය ආයනය තහනම ඉවත් කරනු ලැබූ නමුත්, අද දක්වා වගාව රැක ගැනීමට අවශ්‍ය කෘෂි රසායන ශ්‍රී ලංකාවට ගෙන්වා නොමැත. ඊට හේතු වී ඇත්තේ එම කෘෂි රසායන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලබා ගැනීමට කෘෂිකර්ම බලධාරීන් ක්‍රියා නොකිරීමය.
වී, බඩ ඉරිඟු, අර්තාපල්, එළවළු, පළතුරු සහ තේ ඇතුළු කිසිදු වගාවන්ට දිලීර රෝග නාශක සහ කෘමි නාශකවලින් තොරව නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැත. වී, තේ සහ අනෙකුත් වගාවන්ගේ අස්වැන්න වල් නාශක නොමැතිකම නිසා පහත වැටෙමින් තිබෙන අතර වී ඇස්වැන්න "බොල් වී සහ පිදුරු" බවට පත්ව ඇත්තේ වල් නාශක නොමැතිකම නිසාය.
මෙම වැසි සමයේ දිලීර නාශක නොමැතිව කිසිදු එළවළු හෝ පළතුරු වගාවක් ආරක්ෂා කර ගත නොහැකිය. දළු, මල්, ගෙඩි, මුල් සහ ගස් විනාශයට පත් වේ. පොහොර නොමැතිකම හේතුවෙන් සිදු වන අස්වනු හානියට සමාන හෝ ඊටත් වැඩි හානියක් කෘෂි රසායන නොමැතිවීම නිසා සිදු වේ.
දැන්වීම
කෘෂි රසායන ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයක් විදේශ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෙවුණු මාස හය තිස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විධිමත් ඉල්ලීමක් කර නැත. මෙරට කිසිදු කාෂි රාසායන අලෙවි සමාගමකට අවශ්‍ය ඩොලර් සැපයීමට ඔවුන්ගේ බැංකුකරුවන් ද තහනමෙන් පසුව සමත්වී නැත.
වත්මන් ආණ්ඩුව විසින් පත් කළ කෘෂිකර්ම කමිටු සහ වෙනත් කිසිදු කමිටුවකින් කෘෂි රසායන මිලදී ගැනීමට ඩොලර් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ද මේ දක්වා ගොඩ නගා නැත. අවම වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා වී හෝ නැත. නව මුදල් අමාත්‍යවරයා ද, ලේකම්වරයා ද කෘෂි රාසායන සඳහා ඩොලර් ඉල්ලීමක් මේ දක්වා සිදු කර නැත.
කෘෂි රසායන ආනයනය සඳහා වසරකට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 80 ක් පමණකි. මසකට ඩොලර් මිලියන 7 කි. පොහොර සඳහා අවශ්‍ය මිලියන 600 ක මුදල හා සැසදීමේ දී එම මුදල ඉතා කුඩාය. නමුත්, විනාශය අති විශාලය.
කෘෂි රසායන ආනයනයෙන් තොරව වානිජ්‍ය කෘෂි වගාව සිදු කළ නොහැකි ය. වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකිය. කෘෂි රසායන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් හෝ වහා නිදහස් කිරීමට රජයේ අවධානය දැන්වත් යොමු විය යුතුව ඇත.