තව දුරටත් රට විනාශ නොකර බුද්ධිමත්ව ක්‍රියා කරනු..!

රට මහා විනාශයක අභිමුඛව සිටින මේ අවස්ථාවේ දී යතාර්ථය තේරුම් ගෙන බුද්ධිමත්ව ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
රට මහා විනාශයක අභිමුඛව සිටින මේ අවස්ථාවේ දී යතාර්ථය තේරුම් ගෙන බුද්ධිමත්ව ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුල ඊයේ විසඳෙනු ඇතැයි මුළු රටම බලාපොරොත්තු වුණා. දැන් එය නැවතත් දුරදිග යන ගැටුමක් බවට පත්වෙලා. සෑම පාර්ශවයක්ම ඉවසීමෙන් ක්‍රියා කළා නම් අවුරුදු දෙකකට පසු දරුවන්ට පාසල් යාමටත් නැවතත් තමන්ට අයිති ළමා කාලය ලබාගැනීමටත් හැකිව තිබුණා. මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. එකඟ වීමට තිබුණේ දින තුනක (පැය 72 ක) වෙනසක්. පසුගිය වකවානුවේ දී ගුරු වෘත්තියට දේශපාලකයින්ගෙන් හා පොලීසියෙන් විවිධ අඩන්තේට්ටම් වලට හා අපහාස වලට මුහුණ දීමට සිදුවුණා. මිනිස් හැඟීම් රජය විසිනුත් තේරුම් ගත යුතුයි.
දැන්වීම
දැන්වත් පලිගැනීම් නවතා වහසිබස් නොදොඩා, ලබන සදුදා ගුරුදෙගුරු ආශිර්වාද මැද පාසල් වැඩ ආරම්භ කරන ලෙස ජාතියේ නාමයෙන් සියළු පාර්ශව වලට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආයාචනය කරනවා.
කොම්පෝස්ට් පොහොර ප්‍රශ්ණය ද උඩු දුවා ඇති මෙම අවස්ථාවේ දී එය විශාල විනාශයකට හේතු වන්නට ඉඩ ඇති බව අපට පෙනී යනවා. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතය පාරිසරික ව ඉතා වැදගත් වුවත්, ලෝකයේ කිසි රටක් ගොවීන්ට මාස කිහිපයකින් පොහොර භාවිතය වෙනස් කිරීමට බල කළේ නැහැ. එය කෙසේවත් කළ නොහැකියි. කොම්පෝස්ට් පොහොර භාවිතය විශාල පරිමාණයෙන් ආරම්භ කළ භූතානය පවා දැන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට 2030 වර්ෂය දක්වා බලා සිටිනවා. මේ සියල්ලටම වඩා අපගේ අවධානය යොමුව ඇත්තේ ජනතා කෝපයටයි. මාධ්‍ය වාර්තා අනුව ඉහළ ගිය ජීවන වියදම් පීඩනයටද පත්ව සිටින ගොවීන් හා ජනතාව පාරට බැස්සොත් මහා ලේ වැගිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඊට ඉඩ තබන්න එපා. රට තවත් විනාශ වේවි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රටේ පිළිගත් විද්වතුන් රජය ගත් පියවර අනුමත කරන්නේ නැහැ. මේ ගැන ඔවුන් ප්‍රසිද්ධ ප්‍රකාශ කර තිබෙනවා.දැනට විවිධ රටවලින් පොහොර ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. රජය එය සිදු කළ යුතුව තිබුණේ මීට මාස හයකට පමණ පෙර මෙම පොහොර අත්හදා බලා ගොවීන්ට විශ්වාසය ඇති කර දීමයි. දැනට ආනයනය කරන විවිධ පොහොර වර්ග එවැනි පරීක්ෂණයකට හෝ අත්හදා බැලීමකට යටත් වී නැහැ.
බලධාරීන්ට අප මේ අවස්ථාවේ දී යෝජනා කරන්නේ බිම් මට්ටමේ යථාර්ථය වටහාගෙන ගොවීන්ගේ හඬටත් කන් දෙන ලෙසයි .මේ අප ජාත්‍යාලයෙන් කෙරෙන ගෞරවනීය යෝජනාවක්.