තලෙයිබාන් පාලනය ශ්‍රී ලංකාව පිළිගෙන තිබේද..?

නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලෙයිබාන් සංවිධානයෙන් සමාව කුමටද..? (ලලිත් ජයතිලක) ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා…
නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලෙයිබාන් සංවිධානයෙන් සමාව කුමටද..?

(ලලිත් ජයතිලක)
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක සඳහන්ව ඇත.
එම නිවේදනයේ සඳහන් සමහර කරුණු ද උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දී ඇත්තේ ඇෆ්ගනිස්ථාන රාජ්‍යයේ පාලන බලය උසුලනු ලැබූ කණ්ඩායම පළවා හරිමින්, එරට බලය අත්පත් කර ගත් දැඩි ඉස්ලාමීය මූලධර්මවාදී තලෙයිබාන් පාලනය,ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලැබීමකට ලක් කර ඇති බවය.
දැන්වීම
තලෙයිබාන් පාලනය ලෝකයේ කිසිදු රටක් නිල වශයෙන් පිළිගෙන නැතත් චීනය, ඉරානය සහ රුසියාව තලෙයිබාන් පාලනයට සහය දෙන ප්‍රකාශ සිදු කර ඇත. තලෙයිබාන් සංවිධානය ක්‍රි.ව.6 වන සියවසේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට 2001 මාර්තු මාසයේදී බෝම්බ හෙළා විනාශ කළ අතර 1996 සිට 2001 අවසානය දක්වා සිරගත කල ජාතියක් ලෙසට ඇෆ්ගනිස්ථානය පාලනය කළහ.
එමෙන්ම තලෙයිබාන් සංවිධානය, කාන්තාවන් ගුරුවරියන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කල හොත් ප්‍රසිද්ධියේ කස පහර දීම , අපරාධකරුවන්ගේ හිස ගසා මරා දැමීම, ගැහැණු ළමයින්ට පාසැල් යාම තහනම් කිරීම සහ සංගීතයට සවන් දෙන ඕනෑම කෙනෙකුගේ කන් කපා දැමීම වැනි නීති ක්‍රියාත්මක කරන අමානුෂීය ඉස්ලාම් අන්තවාදීන් කොටසකි.
"තලේබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි." යනුවෙන් ද විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. මෙහි දී "ඇෆ්ගනිස්ථානයේ නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලේබාන් සංවිධානයෙන් සමාව ලබා දිය යුත්තේ ඇයිද?" යන්න විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර සිටියි.
විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ තව දුරටත් මෙසේ සඳහන් වේ.
"රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.දැන් තලේබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.
සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණු වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි. රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.
සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී."