තලාවේ රාජ්‍ය බැංකුවක කෝටි 08ක මුදල්-රන් භාණ්ඩ මංකොල්ලයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇති බව තලාව පොලිසිය පවසයි. මෙම බැංකුවේ නිලධාරින් අද (02)…
(නිලන්ති චන්ද්‍රසේන)
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇති බව තලාව පොලිසිය පවසයි. මෙම බැංකුවේ නිලධාරින් අද (02) උදැසන සේවයට වාර්තා කිරීම සඳහා බැංකුව විවෘත කිරීමට ගිය අතර ඒ අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බැංකුව තුල තිබූ සේප්පුවද කඩා බිඳ දමා ඒතුල තිබූ මුදල් සහ රං භාණ්ඩ සොරා ගෙන ගොස් තිබූ බවයි. පසුගිය සිකුරාදා මෙම බැංකුව ගනුදෙනු කර අවසන් විමෙන් පසුව වසා දමා නැවත අද (02) විවෘත කර තිබේ. ඒ අතරතුර කිසියම් කණ්ඩායමක් බැංකුවේ පිටුපස දොරටුව කඩා දමා ඊට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1