අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?

තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?

ඔවුන් නොසලකා හැරීම පක්ෂයට විශාල පාඩුවක් රවීලා නැති අඩුව පුරවන්න අකිලට-සාගලට බැහැ වජිර-රංගේ-රුවන් අසමත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අවධාරණය කරති තරුණ තරුණියන් සහ මැදි වයසේ කණ්ඩායම් ආමන්ත්‍රණය කරමින් එක්සත්…

ඔවුන් නොසලකා හැරීම පක්ෂයට විශාල පාඩුවක්

රවීලා නැති අඩුව පුරවන්න අකිලට-සාගලට බැහැ 

වජිර-රංගේ-රුවන් අසමත්  

සරසවි ශිෂ්‍ය ප්‍රජාව අවධාරණය කරති 

තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?

තරුණ තරුණියන් සහ මැදි වයසේ කණ්ඩායම් ආමන්ත්‍රණය කරමින් එක්සත් ජාතික පක්ෂය තරුණ පරපුර වෙත ගෙන යාමට සිටී රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් නොසලකා හැර තිබීම එම පක්ෂයට දේශපාලන වශයෙන් විශාල පාඩුවක් යැයි සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.

රවී කරුණානායක මහතා ප්‍රධාන එම කණ්ඩායමේ භූමිකාවේ අඩුව පිරවීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ට නොහැකි වී තිබෙන බව මේ වන විට සක්සුදක් සේ රට-ජනතාව හමුවේ තහවුරු වී ඇතැයි ද ඔවුහූ කියා සිටිති.

දැන්වීම

රවී කරුණානායක මහතා ප්‍රධාන එම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ හුදෙකලා කිරීම හේතුවෙන් එම පක්ෂයට සිදුව ඇති බරපතළ දේශපාලන පාඩුව සම්බන්ධයෙන් "lankanewsweek" සමග මෙසේ අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන තරුණ තරුණියන්ය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උගත්, බුද්ධිමත්, වැදගත්, පළපුරුදු සහ දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වුවත් ජනතාව ඉල්ලන මිනිස්සු කවුරුන්ද කියා තේරුම් ගැනීමට ඔහුට නොහැකි වීම විශාල අභාග්‍යක් බව ද එම තරුණ තරුණියෝ පැවැසූහ.

සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස දේශපාලනික ගණුදෙනු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායකලා වැනි නායකයින් නොමැති නිසාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන පිළි ගැනීමට නොහැකි නිසාත් විශ්ව විද්‍යාල තරුණ තරුණියෝ වගේම මැදි වයසේ පිරිස් ජනතා විමක්ති පෙරමුණට සහ එහි නායකයින්ට ආකර්ෂණය වෙමින් සිටින බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට මළ පක්ෂයක් බවට පත්ව ඇතැයි ද, මේ ආකාරයට එම පක්ෂය තව දුරටත් ගමන් කළ හොත් එම පක්ෂයට අනාගතයක් නම් නොමැති වන අතර එසේ වුණොත් එම පක්ෂය ද ඓතිහාසික දේශපාලන කුණු කූඩයට වැටෙනු ඇතැයි ද එම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වැඩි දුරටත් අනතුරු අඟවා සිටියහ.

තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?

තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..? | Lanka Newsweek