අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු බව පුතාණෝම ඔප්පු කළා

තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු බව පුතාණෝම ඔප්පු කළා

අභියෝගවලින් පැන යන නායකයෙකුගෙන් රටට වැඩක් නැහැ කොන්දේසි විරහිතව සජිත් රනිල්ට සහය දිය යුතුයි අගමැතිකමට බියෙන් දෙවතාවක්ම පළා ගිය පුද්ගලයෙකු ජනාධිපති කළ හැකිද..? ගෝඨා වගේම සජිතුත් "Fail" රට ජනතාව…

අභියෝගවලින් පැන යන නායකයෙකුගෙන් රටට වැඩක් නැහැ 

කොන්දේසි විරහිතව සජිත් රනිල්ට සහය දිය යුතුයි

අගමැතිකමට බියෙන් දෙවතාවක්ම පළා ගිය පුද්ගලයෙකු ජනාධිපති කළ හැකිද..? 

ගෝඨා වගේම සජිතුත් "Fail"  

තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු බව පුතාණෝම ඔප්පු කළා

රට ජනතාව වෙනුවෙන් අභියෝගය භාර නොගනිමින් තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුළු රටටම සහ ලෝකයටම ඔප්පු කළේ යැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන අඳබාලකම, ළඳ බොළඳකම, බොරුව සහ නොහැකියාව සම්බන්ධයෙන් "lankanewsweek" වෙත ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටී සරත් මනමේන්ද්‍ර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය. 

දැන්වීම

"රට ජනතාව වෙනුවෙන් අභියෝගය භාර නොගනිමින් තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුළු රටටම සහ ලෝකයටම ඔප්පු කළා. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කිව්වා වගේ විවිධ හේතු දක්වමින් සහ කොන්දේසි පනවමින් රට-ජනතාව වෙනුවෙන් අගමැතිකම භාර නොගැනීමෙන් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අඳබාලකම, ළඳ බොළඳකම, බොරුව සහ නොහැකියාව හෙළි වුණා.

රට-ජනතාව වෙනුවෙන් අභියෝග භාර නොගෙන ඒ අභියෝගවලින් පැන යන සජිත් ප්‍රේමදාසලා වගේ නායකයින්ගෙන් රටට වැඩක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් "Fail" බව කිව යුතුයි. මේ අනුව ඊළඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස කරළියට ගැනීමේ කිසිදු හැකියාවක් වගේම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ.

අගමැති ධූරයේ අභියෝගය භාර නොගෙන සජිත් ප්‍රේමදාස මෙසේ දේශපාලන බියගුල්ලෙකු ලෙස පැන ගියේ පළමු වතාවට නොව දෙවැනි වතාවටයි. යහ පාලන රජය සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැතිකම භාර ගන්නා ලෙසට ආරාධනා කළ අවස්ථාවේදී ද සජිත් ප්‍රේමදාස මහතා මෙලෙසම බියගුළු ලෙස පළා ගියා. අගමැතිකම භාර ගන්න භය නායකයෙකු රටේ ජනාධිපති කරන්නේ කෙසේද..?

මේ අනුව රට-ජනතාව වෙනුවෙන් බිය නැතිව තනි පුද්ගලයෙකු ලෙස අභියෝගය භාර ගනිමින් අගමැති වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව සහය දිය යුතුයි.

දේශපාලන නායකයෙක් වුණාම අභියෝග භාර ගත යුතුයි. නිසි කලට-නිසි වේලාවට තීන්දු තීරණ ගත යුතුයි. රටට-ජනතාවට අවශ්‍ය මොහොතේ ඉදිරියට පැමිණ නායකත්වය දිය යුතුයි. ඒ සියලු නායකත්ව ගුණාංග, හැකියාව, පන්නරය, ඍජු බව, නොසැලෙන ගතිය, තමාට තමා පිළිබඳව තිබෙන ආත්ම විශ්වාසය, අවබෝධය සහ බිය නැතිකම රනිල් වික්‍රමසිංහ මුළු ලොවටම නැවතත් ඔප්පු කළා"     

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තමා රාජ්‍ය නායකත්වයට නුසුදුසු බව පුතාණෝම ඔප්පු කළා | Lanka Newsweek