අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්

තමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්

විපක්ෂයේ ප්‍රබලම මිනිසා සජිත් සහ රට ගොඩදැමූ මිනිසා රනිල් බව තේරුම් ගත යුතුයි කප්පරක් කයිවාරු ගසා මාස 06 න් රට ගොඩ දමන්නට පැමිණි ජවිපෙ හා මාළිමා නඩය අද වසරක් තුළ කිසිවක් කරගත නොහැකිව අනාථ…

විපක්ෂයේ ප්‍රබලම මිනිසා සජිත් සහ රට ගොඩදැමූ මිනිසා රනිල් බව  තේරුම් ගත යුතුයි 

තමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්

කප්පරක් කයිවාරු ගසා මාස 06 න් රට ගොඩ දමන්නට පැමිණි ජවිපෙ හා මාළිමා නඩය අද වසරක් තුළ කිසිවක් කරගත නොහැකිව අනාථ වෙලාය.විපක්ෂයේ සිට කටට එන එන කයිවාරු හා පච කියන විදියට ආණ්ඩු කරන්නට බැරි බව හා රටක් පාළනය කෙතරම් අසීරුදැයි ඔවුන්ට තේරුණේ බැරිබර කරගසාගත් පසුය.

රනිල් ගේ IMF වැඩේ හා උතුරේ පොල් ත්‍රිකෝණය කොළඔ බස් හා දුම්රිය නැවතුම් නවීකරණය, කොළඔ නගර සැළැස්ම, මහින්දගේ හයිවේ හා කැසිනෝ මෙන්ම ඩයනාගේ ගංජා වැවීම නැතිනම් මාළිමාවට නව අදහසක් හෝ තිබිලා නැත. රනිල් මහින්දලා ගේ පතුරු අරින මාළිමාවට ඇති කුඩා අදහස් වන්නේ ටැප් එකක් ඇරීම බසයක් පාරට දැමීම දෙවන තට්ටුවේ මුල්ගල් තැබීම පේන්ට් කිරීම ගඩොල් බැදීම වැනි විසුළුකාරී දේය.

දැන්වීම

ඒ අතරේ හොරු අල්ලන මුවාවෙන් තමන්ට දේශපාලන තර්ජණයක් වන එවුන් කොටුකිරීම ආණ්ඩුවේ සැළසුම විය. මුලින් චාමර මර්වින් වැනි  අයට අතගසා මුට්ටිය දැමීමට රනිල් වැනි රූස්ස ගහක් පෙරළා ජනතාව චූන් කිරීම යටි අරමුණ විය. එහෙත් රනිල් කෙතරම් ප්‍රබල ද යන්න හා ජනතාව ඔහුට ඡන්දය නොදුන්න ද රටේ ආර්ථිකය බේරාගැනීම ගැන කෙතරම් කලගුණ සැලකුවා ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. රනිල් ගෙන් පසු මහින්ද සජිත් නාමල් ගම්මන්පිළ දයාසිරි වීරවංශ වැනි ආණ්ඩුවෙන් ගේම ඉල්ලන අය පේලියට ඇතුලට දමා රටට වැඩක් නොකර හෝ  වසර 10 – 15 ක් චූන් එකේ බලයේ සිටීමේ මාළිමාවේ ගොං උපායට කෙලවුණේ  එතෙක් බෙදී සිටි විපක්ෂය එකට ගොණුවීම තුළය. එම ගොනුවීම ජනපතිවරණයට පෙර සිදුකලා නම් අද ජනපති හා ආණ්ඩුව ද මාළිමාවේ නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

විපක්ෂයේ එම ගොණුවීම තමන්ට එන තර්ජණ හා මර්දන වලින් වැළකීමට පමණක් නොව දේශපාලන ලෙස බලය පිහිටුවන පසුබිම දක්වා වර්දනය විය යුතු බව විපක්ෂය තෙරුම්ගත යුතුව තිබේ. ඊට එරෙහිව කකුලෙන් අදින සුළු පිරිසට වඩා රට හා ජනතාව ගැන සිතා කටයුතු කිරීම රනිල් සජිත් නාමල් ඇතුළු කාගේත් වගකීමය. රටේ වැඩිම බලය සහිත විපක්ෂ නායකයා සජිත් බව  ද රට ගොඩගත හැකි බව ඔප්පු කල මිනිසා රනිල් බව  සෙසු අය තේරුම් ගෙන වැඩ කරන්නේ නම් එය රටට ජනතාවට අස්වැසිල්ලක් හා වැඩ බැරිව වසරක් අයාලේ ගිය මාළිමාවට මහා අභියෝගයක්වීම ඒකාන්තය.

තමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්

 -දුක් ගන්නා රාළ-
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න