තක්කඩි මාලිමා ආණ්ඩුවට පැන්නීම හැර විකල්පයක් නොමැත

"මඩකලුවේ වාලච්චේනේ පුරා විද්‍යා රක්ෂිත භූමිවල ගසා තිබූ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ප‍්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු පිරිසක් පැමිණ ඉවත් කළා.ඒ පිරිස වලවල් හාරා, පුරා විද්‍යා බෝඩ් ගලවා ඒවා කුණු ගෙන යන…
"මඩකලුවේ වාලච්චේනේ පුරා විද්‍යා රක්ෂිත භූමිවල ගසා තිබූ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ප‍්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු පිරිසක් පැමිණ ඉවත් කළා.ඒ පිරිස වලවල් හාරා, පුරා විද්‍යා බෝඩ් ගලවා ඒවා කුණු ගෙන යන ලොරියක දමා ගෙන අරගෙන ගියා.මේ ක්‍රියාව "සංහිඳියාව" නම්,ඊට විරුද්ධව වචනයක් හෝ කතා කළ හොත් "ජාතිවාදය" යැයි චෝදනා කරනවා.පුරා විද්‍යා බෝඩ් ටික ගලවා ගෙන යන්න ඉඩ දී බලන් සිටින්නේ කවුද..?
දමිළ අලුත් පරම්පරාවට "කොටින්ව බෞතිස්ම කරන්න", "වීරයෝ කරන්න" සහ ප්‍රභාකරන් වැනි අයව ආදර්ශයට ගැනීමට ඉඩකඩ සලසා දෙන්නේ කවුද..? ඒ ජාතිවාදයට ඉඩකඩ හදලා දෙන පියා,ඒ ෆැසිස්වාදයට ඉඩකඩ නිර්මාණය කරලා දෙන පියා අපට කියනවා, ඒක කියපු ගමන් අපි ජාතිවාදී,ජාතිවාදයට ඉඩකඩ නිර්මාණය කර දෙන පාර්ශවයම,ඊට විරුද්ධ වන අයට ජාතිවාදී යැයි චෝදනා කරනවා"
ජාතික නිදහස් පෙරමුණේ නායක
-විමල් වීරවංශ-.
-රටේ රාළගේ සටහන-
මේ ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරන්නේ තමන් කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුව ඉෂ්ඨ කරන බවයි. බෙදුම්වාදය හමුවේ මේ ආණ්ඩුවේ නිතිය බෙලහීනයි. නපුංසකයි මෙයලා සංහිඳියාව කියන්නේ දෙමල බෙදුම්වාදයට ඉඩදීමටයි. මේ ආණ්ඩුව පවතින මොහොතක් මොහොතක් පාසා බෙදුම්වාදයට ශක්තිමත් වෙනවා. ඒ හැම මොහොතක් පාසාම අපේ මව්බිමේ ඒකීයභාවය බරපතල අනතුරකට පත්වෙනවා. දැන් තියෙන්නේ ජාති මාමක බලවේගය සියලු දේශපාලන භේද පසෙක තියලා මහ පාරට ඇවිත් මේ තක්කඩ් ආණ්ඩුව පන්නා දැම්මයි. වෙන උත්තරයක් නෑ.