අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩොලර් ලක්ෂ 25 ක වංචාවෙන් ජනපති පැන යයි

ඩොලර් ලක්ෂ 25 ක වංචාවෙන් ජනපති පැන යයි

විවාදය ප්‍රතික්ෂේප කරයි මර්දනයේ සැබෑ මුහුණුවර එළියට..! පාර්ලිමේන්තුව රැස් වූ වහාම රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත විපක්ෂය වෙනුවෙන් රජයෙන්…

විවාදය ප්‍රතික්ෂේප කරයි 

මර්දනයේ සැබෑ මුහුණුවර එළියට..!

පාර්ලිමේන්තුව රැස් වූ වහාම රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත විපක්ෂය වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක් කළ නමුත් වත්මන් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද  පැවසීය.

මුදල් අනුමත කිරීම, අධීක්ෂණය, මුදල් කේන්ද්‍රීය ක්‍රියාකාරකම් සියල්ලක්ම ගවේෂණයට ලක් කිරීම, සමීක්ෂණයට ලක් කිරීම පාර්ලිමේන්තුව සතු බවත් සංවරණ සහ තුළන වැඩපිළිවෙළ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වුවත් අප රටේ සෛරී වගකීම් ක්‍රියාත්මක කිරීමේ ණය වැඩසටහනක වාරිකයක් ගෙවීමේ දී ඇ. ඩොලර් ලක්ෂ 25ක් අප රටට අහිමි වීම රටේ ජනතාවට අහිමි වීම බරපතල කරුණක් බව මෙන්ම මුදල් අමාත්‍යාංශය සහ මුදල් ක්ෂේත්‍රය බාර සියලුම රාජ්‍ය හා දේශපාලන අංශවල අකාර්යක්ෂමතාව නිසා මෙය අහිමි වූ බව පෙනී යන අතර මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අතිශය වැදගත් බව විපක්ෂ නායකවරයා පැවසීය.

අහිමි වූ මුදල් ගැන සාකච්ඡා කිරීම පාර්ලිමේන්තුවට අකැපද..?

මුදල් අනුමත කරන පාර්ලිමේන්තුවට මේ අනුමත කළ මුදල්වලින් ප්‍රමාණයක් අතුරුදන්වීම ගැන සාකච්ඡා කිරීම අකැපද, තහනම් ද එයට ඉඩක් නැද්ද කියා ප්‍රශ්න කල ද ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකයට එම වගකීම් ඉටු කිරීමට ඉඩ නොදී ඒකාධිපතීත්වය ඒක පාක්ෂික පාලනය සහ තමන්ගේ ආධිපත්‍ය පැතිරවීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමක් සිදු කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

රජය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුගමනය කරන්න කැමැති නැත්තේ ඇයි..?

මේ මුදල් වංචනිකව අහිමි වීමේ සාකච්ඡාවට රජය ඉඩ නොදීම ගැන කණගාටුවට කරුණක් බැවින් දැන්වත් මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දිය යුතු බව මෙන්ම රට වෙනුවෙන් එය ඉටුවිය යුතු යුතුකමක් බැවින් වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුගමනය කරන රටක් ලෙස අප ද මෙය ගැන සාකච්ඡා කළ යුතු බවත් ජවිපේ රජය මේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න සූදානම් නොවීමම බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒකාධිපතිවාදය පෙරටු කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට ඉඩ දිය නොහැක !

තවත් විදේශීය ගිවිසුම් හා ගිවිසුම් පත්‍රිකා අතුරුදන්වීම ගැන තොරතුරු ලැබෙන නිසා මේවා ගැන අනිවාර්‍යයෙන් සාකච්ඡා කළ යුතුවාක් මෙන්ම මාස ගණනාවක් පුරා මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවිම රජය විසින් අනාවරණය නොකළ බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රජාතන්ත්‍රවාදය මරා නොදමා මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීම ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න අවස්ථාව දිය යුතු බවත් ඒකපාර්ශ්වීය තීන්දු ගෙන ඒකාධිපතිවාදය පෙරදැරි කර ගෙන කටයුතු නොකරන ලෙස තරයේ රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඩොලර් ලක්ෂ 25 ක වංචාවෙන් ජනපති පැන යයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න