ඩොලර් දෙන්න ආවේ ඉෂාර-කොමිස් ඉල්ලුවේ වජිර..?

කොමිස් මුදල ඩොලර්යට රු.15යි වජිර චෝදනාව ප්‍රතික්ෂේප කරයි රනිල්ගේ සමීපතමයෙක් "lankanewsweek" වෙත තොරතුර තහවුරු කරයි රට වෙනුවෙන් ඉතා සුළු පොළියකට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් රජයට ලබා දීමට සූදානම් වූ…
කොමිස් මුදල ඩොලර්යට රු.15යි
වජිර චෝදනාව ප්‍රතික්ෂේප කරයි
රනිල්ගේ සමීපතමයෙක් "lankanewsweek" වෙත තොරතුර තහවුරු කරයි
රට වෙනුවෙන් ඉතා සුළු පොළියකට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් රජයට ලබා දීමට සූදානම් වූ ව්‍යාපාරිකයා වන්නේ "LOLC" සමාගමේ සභාපතිවරයා වන ඉෂාර නානායක්කාර මහතා වන අතර එසේ ලබා දෙන එක ඩොලරයකින් රුපියල් 15ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාය.
ඉෂාර නානායක්කාර මහතා රට වෙනුවෙන් මෙසේ රජයට ඩොලර් ලබා දීමට තීරණය කර ඇත්තේ, රටේ ඇති වී තිබෙන උග්‍ර ඩොලර් අර්බුධයට විසදුමක් ලෙස ඩොලර් ණයට දීමේ හැකියාවක් ඇති ව්‍යාපාරිකයින්ට තමා සතු ඩොලර් රට වෙනුවෙන් සුළු පොළියකට ලබා දෙන ලෙසට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපාරිකයන්ගෙන් කළ විශේෂ ඉල්ලීමට අනුවය.
මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ "LOLC" සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, තමා සතු ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඉතා සුළු පොළියකට රජයට ලබා දිය හැකි බව දැනුම් දී ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඔහුට කියා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තමා පත් කර ඇති පුද්ගලයා සමග ඉදිරි කටයුතු සාකච්ඡා කර කර ගෙන යන ලෙසය.
දැන්වීම
මේ ප්‍රවෘත්තිය "අරුණ" පුවත්පත ඇතුළු ජනමාධ්‍ය කිහිපයක සහ සමාජ මාධ්‍ය ජාලා ගණනාවක පළ වී තිබුණත් ඒ කිසිවක විශේෂයෙන් ඉෂාර නානායක්කාර මහතාගේ නම පැහැදිලිව සඳහන් කර නොතිබූ අතර වජිර අබේවර්ධන මහතා ගැන කියා තිබුණේ අනියමාර්ථයෙනි.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා "අරුණ" පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් කියා ඇත්තේ තමා මේ කියන ව්‍යාපාරිකයා නොහදුනන අතර කිසි දිනෙක ඔහු සමග මුහුණට මුහුණ කතා කර හෝ නොමැති බවය.