ඩිව්ගෙන් සහ රෝහණ ලක්ෂ්මන්ගෙන් “පැතිකඩට” විරෝධය

(රංජිත් ගුණවර්ධන ) ඔක්තෝම්බර් විප්ලවයේ සියවස සැමරීම සදහා සිරස රූපවාහිනී ආයතනය මගින් පසුගියදා විකාශනය කෙරුණු “පැතිකඩ” වැඩසටහනට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව්. ගුණසේකර සහ කැලණිය…
(රංජිත් ගුණවර්ධන )
ඔක්තෝම්බර් විප්ලවයේ සියවස සැමරීම සදහා සිරස රූපවාහිනී ආයතනය මගින් පසුගියදා විකාශනය කෙරුණු “පැතිකඩ” වැඩසටහනට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව්. ගුණසේකර සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් යන මහත්වරුන්ගෙන් එම වැඩසටහන මෙහෙයවූ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබද ප්‍රශ්න විමසීම පිළිබදව දැඩි විරෝධය පල කොට තිබේ.
මේ පිළිබදව කළ විමසීමකදී රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ තමා සහ ඩිව් ගුණසේකර මහතා එම වැඩසටහනට සහභාගි වූයේ ඔක්තෝම්බර් විප්ලවයේ සියවස් සැමරුම් පිළිබදව අදහස් දක්වීමට මිස වත්මන් දේශපාලන තත්වය හෝ එක්සත් ජාතික පක්ෂය පිළිබද අදහස් ප්‍රකාශකිරීමට නොවන බවය.
ඔක්තෝබර් විප්ලවයේ සිය වස් සැමරුම ගැන කතා කිරීම පසෙක තබා තමාගෙන් සහ රෝහණ ලක්ෂ්මන් පියදසගෙන් එක්සත් ජාතික පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගැන කරුණු විමසීම සම්බන්ධයෙන් ඩිව් ගුණසේකර මහතා ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතාට ඍජුවම දෝෂාරෝපණය කර තිබේ.