අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ටෙස්ට් ක්‍රිකට් සංචිතයට කෝඬුකාරයෝ දෙදෙනෙක්

ටෙස්ට් ක්‍රිකට් සංචිතයට කෝඬුකාරයෝ දෙදෙනෙක්

නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ. එම තරගාවලියට…

නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ.

එම තරගාවලියට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 17 දෙනකුගෙන් යුතු සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ආරම්භක පිතිකරු 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.  

-ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය-

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිෂාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න