අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ටිල්වින් පසුපස හඹා එන්නේ ඔහුගේ ඉතිහාසයයි

ටිල්වින් පසුපස හඹා එන්නේ ඔහුගේ ඉතිහාසයයි

ඊයේ (20) ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යුරෝපයේ සංචාරයක් ආරම්භ කළා.පැලවත්ත අරමුදලට තවත් මුට්ටි කාසි ටිකක් එකතු කරගැනීමට සහ මාලිමාවේ බැරිකම න්‍යායායික බොරුවලින් වහන්න අවසන් උත්සාහයත් දරලා එන්න…

ඊයේ (20) ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යුරෝපයේ සංචාරයක් ආරම්භ කළා.පැලවත්ත අරමුදලට තවත් මුට්ටි කාසි ටිකක් එකතු කරගැනීමට සහ මාලිමාවේ බැරිකම න්‍යායායික බොරුවලින් වහන්න අවසන් උත්සාහයත් දරලා එන්න ටිල්වින් යුරෝපයට ඇවිත්.දැන් මේ රටේ මිනිස්සු නං අනුරලා,ටිල්වින්ලා මොකද්ද කරන්නේ කවුද කියලා අදුරගෙන ඉවරයි.රටේ රාළ හිතන්නේ නෑ යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙන් ටිල්වින්ට ලේසියෙන් බේරිලා එන්න පුළුවන් වෙයි කියලා.

සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාම ටිල්වින් පිටරට ගියේ මෙහේ මොකක් හරි කුමන්ත්‍රණයක් අටවලා තියලා.ඒක නිසා ටිල්වින්ගේ ආවා කල්ලියේ තර්ජනයට ලක්වෙලා ඉන්න අය මේ දවස් ටිකේ වැඩියෙන් පරිස්සම් වෙන එක හොඳයි.පහුගිය දවස් ටිකේම ටිල්වින්ට පිට පිට එල්ලවුන චෝදනා එක්ක ටිල්වින් වැඩිය සාමාජිකයට මුහුණ දෙන්න එලියට ආවේ නෑ.ඉල්මහ විරු සමරුව දවසේ වේදිකාව උඩ ඉඳන් සද්ධයක් දාලා ගිහිල්ලා පැලවත්තේ හතරවෙනි තට්ටුවේ හැංගිලා හිටියා කියලයි ආරංචි.

ඕවා කරන්න ඉස්සෙල්ලා ප්‍රධාන ලේකම් කෙනෙක්ගේ වගකීම ගැන කල්පනා කළා නං ටිල්වින්ට අද ඔහොම වෙන්නේ නෑ.හැමදාමත් ඉතින් හැංගිලාම ඉන්නත් බෑ.කොයි වෙලේ හරි ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා.ඊළඟ ප්‍රහාරය කොහෙන් එල්ල වෙයිද කියලා ටිල්වින් බයෙන් ඉන්න බව තමයි ජවිපෙ අභයන්තර ආරංචි මාර්ගවලින් කියන්නේ.මේ චෝදනා ගැන ටිල්වින් කටක් අරින්නේ නෑ.ඇත්තටම ටිල්වින් කට ඇරියොත් ටිල්වින්ට එරෙහිව කටවල් සිය ගාණක් ඇරෙන්න ඉඩ තියනවා.

දැන්වීම

එහෙම උනොත් ටිල්වින් ගැන නන්දන කියන සුජාතා සහ දිමුතු ලියලා තියනවා කියන ලියුම් උනත් එලියට එන්න බැරි නෑ.ඒ නිසා පැලවත්තේ දොර මුල්ලේ හැංගිලා සිටීම හැර ඒවාට උත්තර දීමේ විකල්පයක් ටිල්වින්ට නෑ.ඒ වගේම ඔය සිද්ධි ඇදුන මධ්‍යම කාරක සභාවේ හිටපු අය වැඩේ ඇත්ත නැත්ත දන්න නිසා එයාලටත් කට පියාගෙන ඉන්න සිද්ධවෙලා.පහුගිය දවසක ජවිපෙ වර්තමාන ප්‍රබලයෙක් තවත් ප්‍රබලයෙකුට කියලා තිබුණේ ටිල්වින් දැන් අවුට් කියලයි. පක්ෂයේ අනාගත ගැන හිතනවා නං ටිල්වින් විශ්‍රාම ගන්වන්න ඕනි කියලත් කතාවෙලා තියනවා.

මේක කනට වැටුන ටිල්වින් සැහෙන්න කළබල වෙලා.ටිල්වින්ට ලේකම්කම නැති උනොත් ටිල්වින් කරපු සියල්ල පස්සෙන් එලවගෙන එන බව ටිල්වින් දන්නවා.ටිල්වින් එයාගේ මෙරට පිටරට ඩෝබිලා කැදවලා ටිල්වින් ගැන කැම්පේන් එකක් කරන්න කියලා තිබුණා.ඒක මේ රටට ඇඩ්රස් කරන කැම්පේන් එකක් නෙවෙයි.3%ට ඇඩ්රස් කරන කැම්පේන් එක.ඒ අනුව ටිල්වින් ගැන කවි ගී පද ටිකක් පලවෙලා තියනවත් දැක්කා.ටිල්වින්ව හෝදන්න හදන කතා ටිකක් රටේ රාළටත් එවලා තිබුණා.ඒවා කියවද්දී එකක් පැහැදිලියි.

ඒ අය ටිල්වින්ගේවත් ජවිපෙවත් ඉතිහාසය දන්න අය නෙවෙයි.සමහරවිට ටිල්වින් ගැන ටිල්වින් කියපුවා දන්න අය.ඒක නිසා ඒ වගේ දේශපාලන ලාදුරු රෝගීන්ට උත්තර දෙන්න රටේ රාළ යන්නේ නෑ.රටේ රාළට එයාලත් එක්ක කිසිම තරහක් නෑ. ටිල්වින්ගෙන් බේරෙන්න සහ මාසේ පඩිය ගන්න එයාලත් මොනවා හරි කරනවා ඇති.රටේ රාළ තවත් බොහොම නිරවුල්ව එකක් කියනවා.රටේ රාළ ටිල්වින්ට කරන චෝදනාව එදත් අදත් හෙටත් වලංගුයි.ටිල්වින්ට පුළුවන් ඔය සූපින් කෑලි ලවා බොරු ලියවා ගන්න වැඩේ නවත්තලා රටේ රාළට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.

අදත් රටේ රාළ කියන්නේ ටිල්වින් කියන්නේ ලේ පිපාසිතයෙක් කියලයි.ඒ චෝදනාව බොරුවක් නං ඕනි දඩුවමක් විඳින්න රටේ රාළ ලෑස්තියි.ටිල්වින් අනුන්ට කරපුවා පැත්තකින් තිබ්බත් ටිල්වින් රටේ රාළ කරන්න හදපුවා සාක්ෂි සහිතව තියනවා. ඒවා කරන්න ආපු අයත් ඒ වෙනකොට රටේ රාළත් එක්ක හිටපු අයත් තවම ජීවතුන් අතර ඉන්නවා. ඒක නිසා ඔය ඩෝබිලාට ටිල්වින්ගේ ඇඟේ තැවරිලා තියන මඩ හෝදන්නත් බෑ,ටිල්වින්ලගේ අත්වල තැවරිලා තියන ලේ හොදන්න බෑ.

ටිල්වින් හිතාගෙන ඉන්නේ ජවිපෙ ඉන්න ඔක්කොමලා ටිල්වින්ගේ යටත් වැසියෝ කියලා. නෑ...ටිල්වින් ඊට වැඩිය වෙනස් කීපදෙනෙක් හරි පැලවත්තෙත් ඉන්නවා.ඒක නිසා අපිව මරන්න සැලසුම් කරන ටිල්වින් සිල්වාගෙන් අපිට ඉල්ලන්න තියෙන්නෙත් පරිස්සම් වෙන්න කියලයි. මොකද ටිල්වින්ට සීරීමක්වත් වෙනවට අපි කැමති නෑ.අපිටත් දවසක ඕනි මේ රටේ ජනතාවට වගේම ජවිපෙ සාමාජිකයන්ට පේන්නන්න ටිල්වින් කවුද කියලා.ඒකට ටිල්වින් නීතිය හමුවට ගේන්න ඕනි.

අපි හැංගිලා වැඩ කරන්නෙ නෑ අපි ඒකට ලෑස්ති වෙනවා.මොකද කවුරු කලත් අපරාධ අපරාධමයි. රටේ රාළ ඇත්ත පක්ෂ ඉතිහාසය දන්නවා.ඒ ටිල්වින්ලා විකෘති කරපු ඉතිහාසය නෙවෙයි. ඔරිජිනල් එක.අද ජවිපෙ ඇතුලේ සිද්ධ වෙලා තියන සදාචාර පිරිහීමට වගකියන්න ඕනි හතර දෙනාගේ කල්ලිය.ඒකේ මුලිකයා ටිල්වින්.අද ජවිපෙ ඇතුලේ සුද්ධවන්තයෝ නෑ.අද ජවිපෙ සාමාජිකයෝ තමයි කුඩු ගෙනත් අහුවෙන්නේ. ජවිපෙ ගුරු සංගම් නියෝජිතයෝ තමයි කුඩු බෙදා හැරලා අහුවෙන්නේ.

ඔහොම තක්කඩ්,හොරු,මංකොල්ල කාරයෝ ඉතිහාස ජවිපෙ හිටියේ නෑ.අනුර පහුගිය දවසක කිව්වා වගේ පක්ෂ ඇතුලට දැන් කුඩුකාරයෝ ඇවිත් ඉන්නවා.මන්ත්‍රීලා වෙලා ඉන්නවා. ටිල්වින්ලා කරපු ලොකුම වැරැද්ද තමයි ජවිපෙ ඇතුලේ තිබුණ පක්ෂ පාසැල් වහලා දාපු එක. තමන්ගේ අඩුව පිළිගනිමින් ඒක හදාගත්ත ස්වයංවිවේචන විවේචනය සහිත සංවිධාන ක්‍රමය අහෝසි කරපු එක.ටිල්වින් ජවිපෙ දේශපාලන මණ්‌ඩලයටවත් මධ්‍යම කාරක සභාවටවත් ඇත්ත ස්වයංවිවේචනයක් කවදාවත් කරලා නෑ.

දිමුතුගේ සිද්ධියේදී ටිල්වින් දේශපාලන මණ්ඩලයට සහ මධ්‍ය කාරක සභාවට කිව්වේ බොරු.හැබැයි අවසානයේ හතර වටින් ප්‍රහාර එල්ල වෙනකොට ටිල්වින්ට ඒවා පිලිගන්න සිද්ධවූනා.ඒකට උත්තරය විදිහට ටිල්වින් කලේ පක්ෂය ඇතුලේ තිබුණ ස්වයංවිවේචන විවේචන ක්‍රියාවලිය නතර කරන එකයි.එහෙම කරලා ටිල්වින් හැදුවේ තමන්ට එල්ල වෙන චෝදනා යට ගහගන්න.හැබැයි ඒක අද ටිල්වින්ටම පාරාවලල්ලක් වෙලා.සමහරවිට එදා ටිල්වින් ඇත්ත ස්වයංවිවේචනයක් කරලා වැරැද්ද පිලිගත්තා නම් ඇතුලේදිම ප්‍රශ්න විසදගන්න ඉඩ තිබුණා.

තවමත් ඒ ප්‍රශ්නවල නොවිසදුනු කොටස් තියනවා.රටේ රාළට නං පරිස්සම් වෙන්න තියෙන්නේ මංගල,ජගත්,ප්‍රසාන්ත,මිල්රෝයි,විපුල බලකායෙන්.හැබැයි ටිල්වින්ට පරිස්සම් වෙන්න තියෙන්නේ ටිල්වින්ගේ ඉතිහාසයෙන්.ඒ ඉතිහාසය හෙවනැල්ලක් වගේ ටිල්වින්ගේ පස්සෙන් එන්න පටන් අරන්.ඒක නිසා අද නිහඩ වෙලා ඉන්න ජවිපෙ ඇතුලේ ටිල්වින් නිසා වින්දිතයන් බවට පත්වෙලා ඉන්න අය හෙට දවසේ කතා කරයි.දැනටමත් එයාලා එයාලා අතර සාකච්ඡාව පටන් අරන්.

මේක කොතනින් පුපුරයිද කියලා රටේ රාළ දන්නේ නෑ හැබැයි ස්ථිර වශයෙන්ම පුපුරණ බව නම් රටේ රාළ දන්නවා.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ටිල්වින් පසුපස හඹා එන්නේ ඔහුගේ ඉතිහාසයයි | Lanka Newsweek