අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ටිල්වින්ගේ තවත් අසාර්ථක උත්සාහයක්

ටිල්වින්ගේ තවත් අසාර්ථක උත්සාහයක්

ජවිපෙට මෑතකාලින මුහුණ දුන්න තත්වයන් සම්බන්ධව අභයන්තර සාකච්ඡාවක් කරන්න තීරණය කරලා තියනවා.මේ සාකච්ඡාව සංවිධාන වගකීම් නොසලකා,නායකත්ව වගකීම් නොසලකා පක්ෂ සාමාජිකයාට විවෘත සංවාදයක් විදිහටයි කරන්න…

ජවිපෙට මෑතකාලින මුහුණ දුන්න තත්වයන් සම්බන්ධව අභයන්තර සාකච්ඡාවක් කරන්න තීරණය කරලා තියනවා.මේ සාකච්ඡාව සංවිධාන වගකීම් නොසලකා,නායකත්ව වගකීම් නොසලකා පක්ෂ සාමාජිකයාට විවෘත සංවාදයක් විදිහටයි කරන්න හදන්නේ.වැඩේ වැරදුනාට පස්සේ තෝරන වැරදි උත්තරවලින් වෙන්නේ තියන ටිකත් නැතිකර ගැනීම විතරයි කියලයි රටේ රාළ නං හිතන්නේ. ඇත්තටම මේ වගේ සංකීර්ණ දේශපාලන වටපිටාවක් ඇතුලේ පක්ෂ නායකත්ව භූමිකාව ඉතාමත්ම තීරණාත්මකයි.

පක්ෂයේ උපායමාර්ගයට අනූව මතවාදීව එක තැනකට සාමාජිකයා පෙල ගැස්වීම තමයි නායකත්වයේ වගකීම.ඒකට නායකයන්ගේ දැනුම, අද්දැකීම් සහ භාවිතාවන් සෘජුවම බලපානවා. නායකයන්ට වැරදුනාට පස්සේ සීමා මායිම් නැති සංවාද හදන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. දැන් ටිල්විනුත් ප්‍රේමකුමාර ගුණරත්නම්ගේ චින්තනයට පහුබැහැලා.ප්‍රේමකුමාර ගුණරත්නම් හිතන්නෙත් සංවාද ඇතුලේ සියල්ල බේරගන්න පුළුවන් කියලයි.

පෙරටුගාමීන්ට ඔය තත්වය ඇතිවුනේ ප්‍රේමකුමාර ගුණරත්නම්ගේ ඒ චින්තනය හින්දයි.අන්තිමට පෙරටුගාමීන්ට තිබුණ එකත් නැතිවුනා.ජවිපෙ කියන්නේ ඉතිහාසයක් පුරාවටම දේශපාලන අරමුණක්,උපායමාර්ගයක්,මතවාදයක්,පක්ෂයක සංස්කෘතිකක් සහ සංවිධාන යාන්ත්‍රණයක් තිබූණ පක්ෂයක්.ඒ ශක්තිමත් පදනමේ ඉඳන් ජවිපෙ විසින් විවිධ උපක්‍රම අත්හදා බලලා තියනවා.හැම වෙලේම උපක්‍රමය උපායමාර්ගයට ගැලපෙන්න ඕනි.

දැන්වීම

හැබැයි දැන් ජවිපෙ කරන්නේ උපක්‍රමය තෝරලා උපායමාර්ගය ඒකට ගලප්පන්න හදන එකයි. ඇත්තටම මේ ඉරණම ජවිපෙට අත්කරලා දුන්නේ හතර දෙනාගේ කල්ලිය(අනූර,ටිල්වින්, විජිත,ලාල් කාන්ත)අතට බලය හුවමාරු උනාට පස්සෙයි.මේ සදහා බලපෑව ප්‍රධාන හේතුවක් උනේ එයාලට පොතපතට සීමා කරගත්ත දැනුමක් තිබීමත් ප්‍රායෝගික අද්දැකීම් සහිත දැනූමක් නොතිබීමත් හින්දයි.මෙතනදී වෙන නරකමදේ තමයි ජවිපෙ තූලින් පක්ෂයේ පාලනය ගිලිහී යාම.රාජ්‍ය පාලනය තමන් අතේ තියෙන අවස්ථාවකදී ඒක සිද්ධවීම බරපතල තත්වයක්.

ඒක ජවිපෙට මාරාන්තිකයි වගේම ජවිපෙ ගමනක අවසානය දැන් ආරමිභවෙලා තියනවා.මේ තියන ආණ්ඩු බලය ගිලිහෙන පලවෙනි මොහොතේම ජවිපෙ මිනී පෙට්ටියට අවසන් ඇණය ජවිපෙ විසින්ම ගහගන්නවා.ජවිපෙ විසින් බලය ගැනීමේ උපක්‍රම විදිහට හැදුවේ මාලිමාව.මාලිමාව එක්ක බලය ගැනීමත් එක්ක මෝඩකමින් සහ බලයෙන් ඉදිමුණ ජවිපෙ නූගත් නායකයෝ තමන්ගේ උපායමාර්ගයට පයින් ගැහුවා.තමන්ගේ අරමුණුවලට පයින් ගැහුවා.

තමන්ගේ මතවාදයට පයින් ගැහුවා විතරක් නෙවෙයි තමන්ගේ ඉතිහාසයටත් පයින් ගැහුවා.අද ජවිපෙට උපායමාර්ගයක් නෑ.අරමුණක් නෑ. මතවාදයක් නෑ.වැඩපිලිවෙලක් නෑ.දැන් ජවිපෙ එදා වෙල ගැට ගහගන්නේ එදිනෙදා වෙන සිද්ධි වටේට කැරකෙමින්.මේක තමයි ජවිපෙ දැන් මුහුණ දීලා තියෙන දාර්ශනික දුගී බව.මේක තියාගෙන සාමාජිකයාව එක්ක සංවාදයක් කරන්න ගිය ගමන් පහල සාමාජිකයාගෙන් ගුටි කාලා තමයි එන්න වෙන්නේ.මොකද ජවිපෙ පීලිපැනීම ඇතුලේම පහලට ගිහින් කතාකරන්න වෙන්නේ ටිල්වින්ලා උගන්නපුදේට විරුද්ධදේයි.

ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ගැන කොහොම කතා කරන්නද,ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන කොහොම කතා කරන්නද?අවස්ථාවාදය ගැන,ලංකාවේ සමාජවාදී මඟ ගැන කොහොම කතා කරන්නද?පක්ෂ ඉතිහාසය ගැන කොහොම කතා කරන්නද?සියල්ල වත්මන් ජවිපෙ නායක දේශපාලන අහිගුණ්ඨිකයන් විසින් පාවා දීලා ඉවරයි.මේ තත්වය තවත් හොඳට තේරුම් ගන්න රටේ රාළ ඔයාලට උදාහරණයක් කියන්නම්.ජවිපෙ එදා තෝරපු උපක්‍රමවලට ඔයාලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

හැබැයි මේ කතාව තමයි ඇත්ත.1971 අරගලයෙන් පස්සේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් සිරගත වුනා.නැවත දේශපාලනයට එන්නේ කොහොමද කියන එක සම්බන්ධව සාකච්ඡාව පටන් ගත්තේ හිරගෙවල් ඇතූලේ.ඒ අනුව සන්නද්ධ ක්‍රියාමාර්ග අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවට අනුගතව වෙන්න තීරණය කරනවා.ඒ තීරණය විසින් පිරිසක් පක්ෂය හැර යනවා.හැබැයි ඒක තමයි උපායමාර්ගයට සාපේක්ෂව ඒ වෙලාවේ තෝරන්න තිබුණ හොඳම උපක්‍රමය.

විජේවීර ඒක තේරුවා.හිරෙන් නිදහස් උන විජේවීර රට වටේ රැස්වීම් තියමින් ජවිපෙ නව දේශපාලන ප්‍රවේශය තහවුරු කළා.ඊට පස්සේ ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් නිර්මාණය කළා. සංවර්ධන සභා මැතිවරණ එනකොට ජවිපෙ බහුජන පක්ෂයක් බවට පත්වීම ආරම්භවෙලා තිබුණා.ඊළඟට ජවිපෙ ටාගට් එක උනේ ලංකාවේ ප්‍රධාන වමේ බලවේග වෙන්න.පක්ෂය ඒ වෙනුවෙන් වැඩ කලා.මෙන්ෂෙවික්වාදය (අවස්ථාවදය)පන්තිය එන්නේ වමේ ව්‍යාපාරයේ අවස්ථාවාදය ඉළක්ක කරගෙන

එහෙම කරලා ජවිපෙ ප්‍රධාන වම බවට පත්වුනා. ඊළඟට ජවිපෙ ටාගට් එක උනේ ලංකාවේ ප්‍රධාන විපක්ෂය වෙන්න.එතන ඉන්න ශ්‍රීලනිප අබිබවා උඩට එන්න.ඔයාලට සමහරවිට මතක ඇති ඒ දවස්වල ජවිපෙ සම්මන්ත්‍රණ මාලාවක් පටන් ගන්නවා " ශ්‍රීලනිප ගමනකට අවසානය " කියලා. ඒඑදත් උපායමාර්ගයට අනුව උපක්‍රම තේරුවා.ඊට පස්සේ ජවිපෙ තහනම් කරනවා.පස්සේ තහනම් සංවිධානයක් විදිහට තහනම ඉවත් ඛරගන්න උත්සහ කරමින් ජවිපෙ භූමියේ දේශපාලන කළා.87 ඉන්දු - ලංකා ගිවිසුමත් එක්ක ජවිපෙ දේශප්‍රේමී අරගලය පටන් ගත්තා.

දේශප්‍රේමී අරගලය තුලින් සමාජවාදයට යන සටන පටන් ගත්තා.අවසානයේ ජවිපෙ සන්නද්ධ අරගලයෙන් පරාදයි.හැබෑයි ජවිපෙ මොනතරම් අඩුපාඩු තිබුණත් තමන්ගේ අරමුණින් ජවිපෙ බැහැරවෙලා නෑ.ජවිපෙ පක්ෂයක් විදහට මරලා දාන් බෑරිවුනේ ඒකයි.අද ජවිපෙ රාජ්‍ය බලය අරන් ඉන්නේ.ටිල්වින් එයාලා නිර්දෝෂී කියලා පෙන්නන්න සමාජිකයා අතරට යන්න හදනවා. ටිල්වින්ට කොච්චර වැරදිලා තියනවද කියනවා නම් අද ජවිපෙට එහෙම තනියෙම නිර්දෝෂී වෙන්න බෑ.

අද මේ රටේ පාලකයෝ ජවිපෙ.මේ තත්වය ඇතුලේ ජවිපෙට නිවැරදි වෙන්න නං ලෝකය ඉස්සරහා අපි හිටියට වැඩියෙන් කොච්චර ඉස්සරහට ඇවිල්ලා තියනවද කියලා පෙන්වන්න ඕනි.අපේ රටේ ජනතාවට ජවිපෙ යටතේ මොනතරම් ආර්ථික සහන ලැබිලද කියලා පෙන්වන්න ඕනි.මානව නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර දූරට තහවුරු වෙලාද කියලා පෙන්න්න ඕනි.රටේ ආර්ථික වර්ධන වේගය තිබුණට වැඩිය කොතෙන්ට ඇවත්ද කියලා පෙන්න්න ඕනි.

මේ කාලය ඇතුලත රටක් විදිහට අපි ලබපූ ජයග්‍රහණය මොනවද කියලා පෙන්වන්න ඕනි.ඒ මොකවත් නැතිව ජවිපෙ විතරක් නිර්දෝෂී කියන්න යන එකෙන් වෙන්නේ පහල සමාජිකයාට ලවා ඉහල සංවිධාන හොඳට අමතා ගැනීමට අවස්ථාව හදලාදීමයි.ඊට පස්සේ වෙන්නේ ටිලිවින් ප්‍රමුඛ ජවිපෙය තවත් වියරු වැටීම විතරයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ටිල්වින්ගේ තවත් අසාර්ථක උත්සාහයක් | Lanka Newsweek