අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජෝන් සෙනෙවිරත්නගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

ජෝන් සෙනෙවිරත්නගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

ආණ්ඩුව ජනතාව අතර විහිළුවක් බවට පත් වෙලා රටට අනාගතයක් නැහැ සාගතයක් අත ළඟ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…

ආණ්ඩුව ජනතාව අතර විහිළුවක් බවට පත් වෙලා 

රටට අනාගතයක් නැහැ 

සාගතයක් අත ළඟ 

වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියි. 

රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා බරපතළ ලෙස කලකිරී සිටින අතර රටට අනාගතයක් නොමැති බව ද ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා චෝදනා කර සිටියි. 

රසායනික පොහොර සම්බන්ධ ආණ්ඩුව තීන්දුව හේතුවෙන් හෙට අනිද්දා වන විට රටේ ආහාර හිගයක් ඇති වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වනු ඇති බවට අනතුරු අඟවා සිටින ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මහ ජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමා බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බිය නැතැයි ද අවධාරණය කර සිටියි. 

ජනාධිපතිවරයා සියල්ල දත් පුද්ගලයෙකු නොවන බව ද, ආණ්ඩුව ගමන් කරන්නේ වැරදි මාර්ගයක බව ද, ඉතිහාසයේ කවදාවත් මෙවැනි දුෂ්කර තත්ත්වයක් රටේ ඇති නොවූ බව ද, මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා තමා රට-ජනතාව වෙනුවෙන් හඬ නැගීමට බිය නොවන බව ද තරයේ කියා සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න