ජෝන්ගෙන් අජිත්ට කණේ පහරක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අසනයවත් දිනා ගන්න බැරි අය නායකයෝ එළවනේ කොහොමද? (සුජිත් මංගල ද සිල්වා) සිය අසනවත් දිනා ගැනීමට නොහැකි අජිත් පී පෙරේරා වැනි තරුණ නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා දැමීමට කතා කිරීම…
අසනයවත් දිනා ගන්න බැරි අය නායකයෝ එළවනේ කොහොමද?
(සුජිත් මංගල ද සිල්වා)
සිය අසනවත් දිනා ගැනීමට නොහැකි අජිත් පී පෙරේරා වැනි තරුණ නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා දැමීමට කතා කිරීම කණගාටුදායක යැයි සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඊයේ (26) සිය විරෝධය පළ කරමිනි.
ජොන් අමරතුංග මහතා එහිදී මෙසේ ද කීය.
“එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සියලු දෙනා එළවා දැමිය යුතු යැයි අජිත් පී පෙරේරා මහතා ජනමාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා තිබුණා.ඔව්...අපි ජ්‍යෙෂ්ඨයින් තමයි.1977 සිට මේ දක්වාම අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දර දිය අදිමින් ඇපකැප වී ක්‍රියා කරනවා.
ඒ වගේම ජෙෂ්ඨයින් ලෙස අප සෑම මැතිවරණයකදීම අපේ ආසන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අප ජයග්‍රහණය කරවා දී තිබෙනවා.මේ ජෙෂ්ඨයින් නොමැති නම් එක්සත් ජාතික පක්ෂයකුත් ජයග්‍රහණයකුත් අපට ඇත්තේ නැහැ.
නමුත් මේ අපේ අජිත් පී පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජෙෂ්ඨයින් එළවා දැමිය යුතු යැයි කියන තරුණ මහත්වරුන් ඒ අයගේ අසනවත් දිනා දී තිබෙනවා ද ? නැහැ..! අජිත් පී පෙරේරා නායකත්වය ලබා දෙන බණ්ඩාරගම ආසනය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදීත් අන්ත ලෙස පරාදයි.
ඒ අනුව මේ අය කියන ආකාරයට සිය ආසන සෑම විටම දිනන නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා ආසන පරාජයට පත් වන තරුණ මහත්වරුන් පමණක් තියා ගත්තාම එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් තිබේවිද?
ඒක නිසා මේ අජිත් පී පෙරේරා ඇතුළු අයට අප කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජෙෂ්ඨයින් එළවා දැමීම ගැන කතා කිරීමට පෙර සිය ආසනවලට නිසි නායකත්වය දී එම ආසන දිනවා දිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ විනය,සම්ප්‍රදාය, නීතිය සහ ඉතිහාසය මේ තරුණ මහත්වරුන් දන්නේ නැහැ.ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ කවුරුන් හෝ මෙසේ පක්ෂයත්,නායකයාත්,ජෙෂ්ඨයින්වත් ප්‍රසිද්ධියේ විවේචනය කළොත් පසුදාම ඒ අය පක්ෂයෙන් නෙරපා හැර මන්ත්‍රීකමද අහෝසි කෙරෙනවා.
එම නිසා එක්සත් ජාතික පක්ෂයත්,නායකයාත්,ජෙෂ්ඨයින්වත් විවේචනය කරන මේ අයට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අප ඉල්ලා සිටිනවා.සිය දහස්,යෝජනා,චෝදනා සහ විවේචන ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ස්ථානයක් සහ පිළිවෙළක් තිබෙන බවවත් මේ තරුණ නීතීඥ මහතා නොදැන සිටීම කණගාටුදායකයි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2