අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජොනීට ඇපත් නැහැ..!

ජොනීට ඇපත් නැහැ..!

නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ්..! වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ සහ පාරිභෝගික ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු…

නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ්..!

වයඹ  පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ සහ පාරිභෝගික ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.

ඒ අද (03) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. තවද මෙම නඩුව අසා නිම වන තුරු මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරිය නියෝග කර ඇත.

කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූ අතර අද (03) නඩුව විභාගයට ගත් අවස්ථාවේ  එවකට සතොස ගණකාධිකාරීවරයාව සිටි බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ හිටපු වෙළඳ සහ පාරිභෝගික ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජොනීට ඇපත් නැහැ..! | Lanka Newsweek