ජිවිතයේ සිහිනයට වාසනාවේ ආශීර්වාදය..!

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක‍්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර් ථක ලෙස පැවැත්වුණි. එහිදී ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස…
මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක‍්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර් ථක ලෙස පැවැත්වුණි.
එහිදී ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගිකයින්ට,අලවි නියෝජිතයින්ට සහ අලවි සහයකයින්ටත් තෑගි පිට තෑගි ලබා දී වාසනාව උරුම කර දීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කර තිබිණි.
මහජන සම්පත රන් කිරුල පළමු ජයග්‍රාහකයාට හිමි රුපියල් ලක්ෂ 87ක් වටිනා Toyota Rush SUV මෝටර් රථය, සහ අනෙකුත් ජයග්‍රහකයින්ට හිමි වූ ,Toyota Wigo මෝටර් රථය,බජාජ් ත්‍රිවිල් රථය සහ කාන්තා යතුරු පැදි 2 ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග හිමි කර දීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත.
දැන්වීම
තවද විසි ලක්ෂපතියන් දෙදෙනෙක්,දස ලක්ෂ පතියන් 17 දෙනෙක් ලක්ෂපතියන් 22ක් ඇතුළු මුදල් ජයග්‍රාහකයින් ගනානාවක් බිහි කිරීමටද හැකි වීම පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කිරීම පිළිබඳව ජයග්‍රාහකයින් ඉතා සතුටට පත් වී ඇත. මිට අමතරව රන්කාසි දිනාගත් වාසනාවන්තියන් 146ක්ද බිහි කිරීමට ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත.
ඒ අනුව රන් කිරුල ජයග්‍රාහකයින් 646,107ක් බිහි කර ඔවුන් අතර රුපියල් 64,355,460.00 කට අධික මුදලක් බෙදා දීමට හැකිවීම පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලය නිහතමානිව ආඩම්බරයට පත් වී ඇති අතර මෙම ජයග්‍රාහකයින් බිහි කිරීමට දින 16ක් පුරාවට ඔවුන් සමග එකතු වූ අලවි නියෝජිතයන්ටත්, යාපා පටුනේ සිට සුරිය වැව දක්වා ඔවුන් සමග එකතු වී විනෝද වූ,සහයෝගය දැක් වූ සියලුම ශ්‍රී ලංකික ජනතාවටත් ඔවුන් හද පිරි ස්තූතිය පුද කරයි.