අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

ජැක්සන් ඇන්තනී සමු ගනී..!

ජැක්සන් ඇන්තනී සමු ගනී..!

ප්‍රතිභාපූර්ණ, කෘතහස්ථ සහ ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි රඟමඩලින් සමු ගෙන ගොස් ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අනුරාධපුරයේ රූගත…

ප්‍රතිභාපූර්ණ, කෘතහස්ථ සහ ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි රඟමඩලින් සමු ගෙන ගොස්  ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුරයේ රූගත කෙරෙමින් පැවති චිත්‍රපටයකට සිය රංගන දායකත්වය ලබා දී අපසු එමින් සිටිය දී ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල්  අලියකු  ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා දීර්ඝ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මිය යන විට 65 වැනි වියේ පසු වූ ජැක්සන් ඇන්තනී මහතා සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය, සංගීතය සහ නව කතාව ඇතුළු ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට කර ඇති මෙහෙවර සහ ලබා දී ඇති දායකත්වය අති මහත්ය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න