අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාති වාදය සහ ආගම් භේදය කියන පිළිකාව සුව කිරීමට සැවොම එකට එකතු විය යුතුයි

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

මේ වන විට විවිධාකාරයෙන් ජාතීන් ආගම් අතර විවිධ කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවත් ආගම් භේදය ආගම් වාදය ජාති භේදය ජාති වාදය පිළිකාවක් බවත් මේ පිළිකාව සුව කළ යුතු බවත් සැවොම එකට එකතු වී භුක්ති විදින සෞභාග්‍යයක් නිර්මාණය කළ යුතු බවත් එහි දී සැවොම ඇතුළත් වන ආර්ථික වර්ධනයක් නිර්මාණය කරන ගමන යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් ආසන සංවිධායකයන් හා පලාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.

රටේ ජනතාව සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා අවබෝධ කර ගත යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අප රට ඒකීය, සෛරී රටක් බවත් භෞමික අඛණ්ඩතාව ජනතා පරමාධිපත්‍ය සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂිත රටක් ලෙස එහි සඳහන් බවත් මෙය මහපොළොවේ සත්‍යයක් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය තුළ ජාතිවාදය නෑ

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ප්‍රවර්ධනය කර සුරක්ෂිත කරන අතරතුර සෙසු ජන කොට්ඨාසවලට ජාතීන්ට ඔවුන්ගේ අනන්‍යතාව සුරකින අතරතුර ඔවුන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දෙන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසනයට කැබිනට් අමාත්‍යාංශයක් ලබා දී සෙසු ආගම් ජාතී වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කළ බවත් සමගි ජන බලවේගය තුළ ජාතිවාදය නොමැති නිසා අනුගමනය කරන්නේ මැද මාවත බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගිහියන්ට චීවරයට අත තියන්න අයිතියක් නෑ

ගිහියන්ට චීවරයට අත තියන්න තීන්දු තීරණ ගන්න හැකියාවක් නොමැති බවත් එය සිදු කරන්නේ මහනායක හිමිවරුන් විනය මණ්ඩල සහ සංඝ සභා බවත් අප රටේ පවතින විවිධ රෙගුලාසි විවිධ නීති රීති යල්පැනගිය තත්ත්වයන් මේ නිසා වෙනස් කළ යුතු බවත් රජය චීවරයට අත තියා බරපතල වරදක් කර එම වරද නිවැරදි කරන්න නව රෙගුලාසි ගෙනවිත් පැරණි රීති ඉවත් කර නව ක්‍රමවේද සකස් කරන්න සති 2ක් ඉන්න ඕනි නැති බවත් මේ සඳහා සති 2ක් අවශ්‍ය නොවන බවත් පැය 24න් තීන්දුවක් දිය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය චීවරයට අත තියා බරපතළ වරදක් කරා

කතානායකවරයා හරහා මෙම විෂයට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැමිණ වෙනස් විය යුතු දේ ගැන විපක්ෂයට ද යෝජනා ඉදිරිපත් කර මෙම වෙනස කල් නොමරා වහාම ඉටුවිය යුතු බවට යෝජනා කළ බවත් ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පසු මෙම ආංශික අධීක්ෂණ කාරක සභා තුළට මේ කරුණු ඉදිරිපත් කරන බවත් මෙය චීවරය පමණක් නොව සියලුම ආගම්වලට අදාළ නිසා පොදු තීන්දුවක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ ඇත්තේ රාජ්‍ය කේන්ද්‍රීය මර්දනකාරී පාලනයක්

ජනතාව දුකින් සිටින විට රාජ්‍ය නායකයාට එය දැනිය යුතු බවත් ජාතිය ආගම කුලය තරාතිරම අදාළ නොවන බවත් රටේ නායකයා බිහි වන්නේ ලක්ෂ 220ක් වෙනුවෙන් වුවත් අද මේ සංවේදීභාවය නොමැති බවත් අද ඇත්තේ රජය කේන්ද්‍ර කර ගත් මර්දනකාරි ප්‍රතිපත්තියක් බවත් ප්‍රතිපක්ෂ සාමාජිකයන් හිරහැරයට ලක් කර විපක්ෂය නිහඩ කරන අධාර්මික ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත වී ඇති බවත් මේ රජය උත්සාහ කරන්න ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගරු අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරා

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණක් වන අධිකරණයට 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට අධිකරණයේ නිදහසට සහ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජාති වාදය සහ ආගම් භේදය කියන පිළිකාව සුව කිරීමට සැවොම එකට එකතු විය යුතුයි | Lanka Newsweek