අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතිවාදය අවුස්සන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයායි - විපක්ෂ නායක

ජාතිවාදය අවුස්සන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයායි - විපක්ෂ නායක

බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා මාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට…

බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා මාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 

අප රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙන බවත් එහි සදහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරිමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් සෑම විටම මේ රට සෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිදියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් සැවොම ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කරුණක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනා මානය කිරීම වෛරය ඇති කරන සිදුවීමක් බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ තරයේ හෙළා දකින බවත් රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය ඇති බවත් ඒවා සිදු වන්නේ වෛරය මුල් කර ගෙන නොවන බවත් සොලොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටෙ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙළඹෙන බවත් ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරන බවත් උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිස්තියානි කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරතවන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි නොසිතන බවත් සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටින බවත් ඔවුන්ට තැනක් නොමැති බවත් බුදුදහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප  රට තුළ අන්තවාදයට තැනක් නැති බවත් අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශද සිදු නොවිය යුතු බවත් ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටයුතු වෛරය මුදුන් පත් කර ගෙන සිදුවන බවට ප්‍රකාශ කිරීම වැරදි බවත් මෙය අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවබෝධ කර ගත යුතු බවත් බුද්ධ ශාසනයට ලබා දී ඇති සුවිශේෂී තැන හා ප්‍රමුඛස්ථානයට පටහැනි ප්‍රකාශ සිදු නොකළ යුතු බවත් සෙසු ආගම් හා සංස්කෘතිය ද රැකගත යුතු බවත් මේ එකමුතුභාවය සංහිදියාව සුරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවත් ඒ තුළින් සුරක්ෂිත රටක් බිහි වන බවත් මේ හරහා ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ බෙදීම්වලට මුල්වන කරුණු ඉස්මතු නොකළ යුතු බවත් කුඩා කාලයේ සිටම සියලු ආගම්වලට ගරු කරන ලෙස දෙමාපියන් උගන්වා ඇති නිසා ඒවාට ගරු කළ යුතු බවත් මේවා මුල් කර ගෙන සමාජ වෛරයක් නිර්මාණය කර දේශපාලනය තුළ රැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න